නැවුම් පුවත්

ට්‍රම්ප්ගේ දුප්පත් කම වේගයෙන් ඉහල යයි
විදෙස්

ට්‍රම්ප්ගේ දුප්පත් කම වේගයෙන් ඉහල යයි

‘ෆෝබ්ස්’ සඟරාවේ වාර්තාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවෙන් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇත. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස එම සඟරාව වාර්තා කරයි.

March 24, 2017 | 11:30 am    no responses


සිවුමැලියා සිකුරු ලියා…
විචිත්‍ර

සිවුමැලියා සිකුරු ලියා…

The Planet Venus නම් තෙල් සායම් සිතුවම. 1882 දි සිත්තම් කල මෙම සිතුවමේ දැක්වෙන්නේ සැබෑ සිකුරු ග්‍රහයා හා සිකුරු ග්‍රහයා පිළිඹඳ මිනිස් වර්ගයා ආරෝපණය කරගන සිටින මුහුණුවරයි. ආදරය හා කාමුකත්වය පිළිඹඳ දෙවිදුවක් වූ වීනස් දෙවුදුව සහ ඇය අසල ගැවසෙන ආදරය හා රාගය බෙදන “මල්සරාවරු“ සිවු දෙනෙකු සිතුවම් කොට ඇත.

March 24, 2017 | 11:00 am    no responses


සජීවී වැඩසටහනකට එක්වූ ආමි රොෂාන් නෙත් එෆ් එම් මැදිරියේදී අත්අඩංගුවට
ගොසිප් | නැවුම් පුවත්

සජීවී වැඩසටහනකට එක්වූ ආමි රොෂාන් නෙත් එෆ් එම් මැදිරියේදී අත්අඩංගුවට

නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව මගින් විකාශය කරන ‘අන් ලිමිටඩ්‘ නමැති වැඩසටහනකට පසුගිය (21) අඟහරුවාදා රාත්‍රියේ සජීවීව සහභාගී කරවාගත් මිනීමරු පාතාල නායකයෙකු වන ‘ආමි රොෂාන්‘ එම වැඩසටහන අතරවාරයේ ගුවන් විදුලි රසිකයෙකු පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත වැඩසටහන අවසන් වන අවස්ථාවේ අත්අඩංගුවට පත්ව තිබේ.

March 24, 2017 | 10:30 am    no responses


මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් දක්වා ගිය රුක්මාල් ගමගේගේ කතාව
විචිත්‍ර

මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් දක්වා ගිය රුක්මාල් ගමගේගේ කතාව

මළකඳන්වල ඡායාරූප ගන්නට ලොව කොතැනක වුව ඡායාරූප ශිල්පීන් තුළ එතරම් කැමැත්තක් ඇත්තේ නැත. එහෙත් තිස් වසරක් තිස්සේ උතුරෙත් දකුණෙත් නිරායුද මිනිසුන්ගේ මළකඳන් මතින් ඊනියා ඊළමට පාර කැපූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මළකඳේ මුල්ම ඡායාරූපය ගැනීමට හැකිවීම නම් ඡායාරූප ශිල්පියකුගේ දිවියෙහි සුවිශේෂීතම අවස්ථාවක් වෙයි.

March 24, 2017 | 10:00 am    no responses


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්
ගොසිප්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහි පැමිණිල්ලක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට එරෙහිව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත. “පසුගිය 2015 මාර්තු මස ශ්‍රී ලංකාවේ සිදු වන අපරාධ වැළැක්වීමට කියා ෆුල් ෆේස් හිස්වැසුම් තහනමක් ක්‍රියාත්මක කිරීමට ඔබ ආයතනය හෝ දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ලොව මාෆියාව හා ත්‍රස්තවාදී තර්ජන තිබෙන රටවල පවා ෆුල් ෆේස් තහනම් කොට නොමැතිව තිබෙන යුගයක, […]

March 24, 2017 | 9:00 am    no responses


හිටපු ජනපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට
දේශපාලන

හිටපු ජනපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට

ජාතික රූපවාහිනි සංස්ථාවට මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(24) බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවන්නට නියමිතය.

March 24, 2017 | 8:30 am    no responses


29 දා සිට ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ වේ
නැවුම් පුවත් | සමාජ

29 දා සිට ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ වේ

රට පුරා මහා ව්‍යසනයක් බවට පත්වී තිබෙන ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන සතියක් රට පුර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එය මෙම මස 29 දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

March 23, 2017 | 4:00 pm    no responses


ෆේස්බුක් ඒකෙන් තෑගී එවනවා කියා මුදල් වංචා කල අයෙක් රිමාන්ඩ්
ගොසිප් | නැවුම් පුවත්

ෆේස්බුක් ඒකෙන් තෑගී එවනවා කියා මුදල් වංචා කල අයෙක් රිමාන්ඩ්

නයිජිරියානු ජාතිකයකු ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා ත්‍යාග පාර්සල් එවන බව හඟවා රුපියල් හයලක්ෂ පනස් දහසක් වංචා කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් බදුල්ල බන්ධනාගාරයේ සිටි තුන්වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 29දා දකවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ(22) නියෝග කළාය.

March 23, 2017 | 3:00 pm    no responses


විද්‍යා ඝාතන සැකකරුවෙක් කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට ලියුමක් ලියලා
ගොසිප්

විද්‍යා ඝාතන සැකකරුවෙක් කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට ලියුමක් ලියලා

යාපනය පුංකුඩිතීව් ප්‍රදේශයේ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවන් ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් ඊයේ (22) නියෝග කළේය.

March 23, 2017 | 2:05 pm    no responses


එක ලිව්වේ ඉස්කෝලේ කාලේ ලව් එකේ ඇරියස් එකට – සමන් එදිරිමුණි
විචිත්‍ර

එක ලිව්වේ ඉස්කෝලේ කාලේ ලව් එකේ ඇරියස් එකට – සමන් එදිරිමුණි

‘සුළඟ නුඹ සහ මම’ මතකයෙන් අමතක නොවන නවකතාවකි. අද ඔබ සිඳු සහ දෙවෙනි ඉනිම යන ටෙලි නාට්‍ය නොබලනවා විය නොහැකිය. ගුවන්විදුලිය තුළ සේයා ඔබට අප්‍රමාණව ඇසී ඇත. ඒවා අප ඇබ්බැහි කරවාගෙන ඇත. ඔහු සමන් එදිරිමුණිය. මදක් නැවතී කියවන්න, ඒ සුන්දර හදවතේ ගොඩනැඟෙන දේ ලියන්න පුංචි අතක් හිමි ඔහු පුංචිම පුංචි සරල මනුස්සයෙකි. අති කාර්යබහුල මිනිසා සිටිය ලෝකයක ඔහුටද ඒ කාර්යබහුල බවින් මිදීමට නොහැකිය.

March 23, 2017 | 2:00 pm    no responses


බියකරු වූ සමයක පිත්තෙන් ආලෝකය මැවූ බ්‍රෙන්ඩන් කුරුප්පු..
ක්‍රීඩා

බියකරු වූ සමයක පිත්තෙන් ආලෝකය මැවූ බ්‍රෙන්ඩන් කුරුප්පු..

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී කෙටි කාලයක් යාමට මත්තෙන් ශ‍්‍රී ලංකාවට නවසීලන්තයේ ක‍්‍රිකට් සංචාරයක නිරත වීමට අවස්තාවක් ලැබුණි. නමුත් නවසීලන්තය හමුවේ මුල් වරට රිදෙන්නම බැට කෑ අපිට ආයේ ක‍්‍රිකට්වලින් ඔලූව උස්සන්න හැකි වූයේ වසර ගණනාවකට පසුවය. මේ කාලවකවානුවෙන් අනතුරුව නැවතත් 1987 වර්ෂයේ නවසීලන්තය ශ‍්‍රී ලංකාවට දෙවනි වරටත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට පැමිණියේ පෙර මෙන්ම අපට එලව එලවා පහර දෙන්නට සිතා විය හැක. නමුත් එවර තරගාවලිය ඊට හාත්පසින්ම වෙනස් වූ තරගාවලියක් බවට පත් විය.

March 23, 2017 | 1:00 pm    no responses


ගණන්ම සුවඳ කුප්පිය..
විචිත්‍ර

ගණන්ම සුවඳ කුප්පිය..

රුපියල් 500න් පටන් අරන් උපරිමය 3000ක් විතරය යනකම් අපි පාවිච්චි කරන සුවඳ විඳවුන් වර්ග කොතෙකුත් ඇත .මේ තියෙන්නේ ලෝකේ මිලෙන් වැඩිම සුවඳ විළවුන් වර්ගයයි.මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වේ.

March 23, 2017 | 12:00 pm    no responses