අගමැති “වියත් පුරය” ආරම්භ කරයි

July 17, 2017 | 3:13 pm    0   142

අගමැති “වියත් පුරය” ආරම්භ කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් පන්නිපිටිය වීර මාවතේ “වියත් පුරය” නිවාස සංකීර්ණය ඉදිකිරිම අද (17) ආරම්භ කෙරිණි. 

මෙය වෘත්තියවේදීන් සඳහා වූ නිවාස සංකීර්ණයක් වශයෙන් ක්‍රියාත්මක වන්නකි.

“වියත් පුරය” ව්‍යාපෘතිය යහපාලන රජයේ නිවාස යෝජනා ක්‍රමය, නාගරික යෝජනා ක්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් ව්‍යාපෘතියක් බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට බස්නාහිර සහ මහා නගර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ බස්නාහිර පළාත් මහා ඇමති ඉසුර දේවප්‍රිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: