අද අන්තරේ පෙළපාලියට අධිකරණ නියෝගයක්

June 21, 2017 | 1:21 pm    0   192

අද අන්තරේ පෙළපාලියට අධිකරණ  නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් ශිෂ්‍ය සංවිධාන කිහිපයක් විසින් අද (21) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබු සයිටම් විරෝධී පෙළපාලියට කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ එම පෙළපාලිය මහජනතාවට සහ වාහන ගමනාගමනයට බාධා නොවන ලෙස පවත්වන ලෙසය. කොටුව පොලිසිය අධිකරණයෙන් කල ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.

තවද ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමෙන් වලකින ලෙසද සාමය කඩවන අයුරින් හැසිරීමෙන් වලකින ලෙසද අධිකරණ නියෝගයේ සඳහන් වන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: