අද තරගය අපිට වාසිදායක වෙයිද ? ඉතිහාසය දෙස හැරී බලමු ?

August 31, 2017 | 1:30 pm    0   336

අද තරගය අපිට වාසිදායක වෙයිද ? ඉතිහාසය දෙස හැරී බලමු ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් 21 වැනි නායකයා ලෙස ලසිත් මාලිංග අද (31) ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිවුවන එක්දින කි‍්‍රකට් තරගයට නායකත්වය ලබාදේ. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මේ දක්වා එක්දින තරග 104 කට ක්‍රීඩා කර තිබේ. ඉන් ශ්‍රී ලංකාව තරග 64ක් ජය ගත් අතර තරග 33ක් පරාජයට පත් වුණා.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය එක්දින තරග සඳහා ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩාංගනයක් ලෙස සැලකේ. මෙරට ක්‍රීඩාංගන අතරින් එක්දින තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රාහී ප්‍රතිශතයක් ඇති ක්‍රීඩාංගනය වන්නේ ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි.

ඉන්දීය කණ්ඩායමද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක්දින තරග 41කට කී‍්‍රඩා කර ඇත. ඉන් තරග 19ක් ජය ගැනීමට ඉන්දියාව සමත් වී ඇති අතර පරාජය වූ එක්දින තරග සංඛ්‍යාව 18කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: