අද දිවයින පුරා වෛද්‍යවරුන් ප්‍රමුඛ සංගම් රැසක සයිටම් විරෝධී වැඩවර්ජන

September 21, 2017 | 10:14 am    0   598

අද දිවයින පුරා වෛද්‍යවරුන් ප්‍රමුඛ සංගම් රැසක සයිටම් විරෝධී වැඩවර්ජන

ර‍ජයේ වෛද්‍යවරුන් විසින් අද (21) දින දිවයින පුරා සයිටම් විරෝධී වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබේ.

විශේෂයෙන්ම මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ සයිටම් ආයතනය ජනසතු කරන්නැයි රජයට බලකිරීමට වන අතර මේ සඳහා අධ්‍යාපන හා තවත් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වලද සහයෝගය ලැබෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

මීට සමගාමීව දිවයින පුරා පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කර වෛද්‍ය වැඩ වර්ජනයට සහාය පළකරන බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර ඇත.

තවද ගොවීන් ද අද (21) සයිටම් විරෝදී විරෝධතාවන් හි නිරත වන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි. මීට අමතරව ඛනිජ තෙල් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ද අද (21) දිනයේ කෑම පැයේදී විරෝධතාවක නිරතවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: