අද දොස්තරලාගේ ප්‍රයිවට් චැනලිනුත් ස්ට්‍රයික් ?

May 22, 2017 | 7:00 am    0   130

අද දොස්තරලාගේ ප්‍රයිවට් චැනලිනුත් ස්ට්‍රයික් ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද(22) දවස පුරා (පැය 24  කාලයක්) වැඩ වර්ජනය කරනු ලබන බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව හෙට දිනයේදී පෞද්ගලික වෛද්‍ය සේවා සහ චැනලින් සේවා සඳහා කිසිඳු වෛද්‍යවරයෙක් එක් නොවන බවයි ඔවුන් සඳහන් කලේ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මීට පෙර ප්‍රකාශ කරනු ලැබ තිබුණේ අද දවසේ පැය 4 ක කාලයක් වැඩ වර්ජනය කරන බවයි.

මෙම වර්ජනය මෙහෙයවන්නේ සයිටම් ආයතනය රජයට පවරා ගන්නා මෙන් පවසමින් පසුගිය දිනෙක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතා පා ගමනට පොලීස් පහරදීම් හේතුවෙන් ඊට විරෝධය දක්වන්නට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: