අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

September 19, 2017 | 11:39 am    0   154

අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඍජුවම සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක තරගයක් අද (19) පැවැත්වේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගවලිය අද (19) ආරම්භවන බැවිණි. එහි පළමු තරගය අද (19) පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හිදි යි.

මෙම එක්දින තරගාවලියේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවට හෝ කොදෙව් කණ්ඩායමට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 8 සුදුසුකම් ලබයි.

එම සටහනේ ශ්‍රී ලංකාව මේ වන විට 8 වන ස්ථානයේ පසුවන අතර කොදෙව් කණ්ඩායම් එහි පසුවන්නේ 9 වන ස්ථානයේයි.

බංග්ලාදේශය කණ්ඩායම ඇතුලූ රටවල් 7ක් මේ වන විටත් 2019 ලෝක කුසලාන කි්‍රකට් තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලබා අවසන්ය.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරග 5 ම ජය ගත යුතුයි.

අදින් ආරම්භ වන මෙම තීරණාත්මක තරගයේ තීරණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට දැඩිව බලපෑම් කරනු ලබයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: