අද සවස එජාපයට තීරණාත්මකයි

August 21, 2017 | 1:04 pm    0   353

අද සවස එජාපයට තීරණාත්මකයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (21) සවස අරලියග මන්දිරයේදී පැවැත්වෙන අතර, එහිදී බරපතල තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

විශේෂයෙන්ම අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් එම අමතිදුරයේ තබාගන්නවද නැත්ද යන්න මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තීරණයක් ගනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

පසුගියදා සිරිකොතදී පැවතී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිලිබඳ සාකච්චා කර ඇති අතර, එහිදී බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ ඔහු එම ඇමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

එනමුත් විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ තමාට ඇමති ධුරයෙන් ඉවත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: