අද සිට පැය 08ක් කටුනායක ගුවන්තොටුපොළේ වැඩ නවතී

January 6, 2017 | 9:09 am    0   526

අද සිට පැය 08ක් කටුනායක ගුවන්තොටුපොළේ වැඩ නවතී

අද (06) සිට අප්‍රේල් මස 96 වන දින දක්වා මාස තුනක කාලයකට දිනකට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

එසේ වසා තැබෙන්නේ ගුවන්තොටුපොළේ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සඳහායි. එම කොන්ත්‍රාත්තුව චීන සමාගමක් විසින් සිදුකරන අතර ඒ සඳහා වැය වන මුදල රුපියක් කොටි 720කි.

ගුවන්තොටුපොළ වසා තැබෙන කාලය තුල දිනකට ගුවන් ගමන් වාර 20ක් පමණ අත්හිටුවනු ලැබෙන අතර ගුවන්තොටුපොළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යශයේ ලියාපදිංචි කිරීමේ කවුලුවද ජනවාවී පළමුවනදා සිට නැවත දැනුම්දෙනතුරු වසා තබන බවත් වාර්තා වනවා. එම නිසා විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකිකයින් අදාළ ලියාපදිංචි කිරීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් සිදුකර ගත යුතු වනවා.

ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන් පිටත්ව යාමට පැය 05 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙසද ගුවන්තොයුපොලේ බලධාරීන් ඉල්ලා සිටිනවා.

ඒ අතරම එම ගුවතොටුපොලේ ගුවන් ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ඇතිවන අවහිරතා මඟ හරවා ගැනීමට ගුවනොතුපොල අවට විශේෂ රථ වාහන ගමනා ගමන සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් එම සැලසුම අප්‍රේල් 06 වැනිදා දක්වා දිනපතාම පස්වරු 3.00   සිට පසුදින පෙරවරු 9.00 දක්වා කාලය තුල ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: