අද හෙටම ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සුදානමක්…

July 14, 2017 | 6:38 pm    0   145

අද හෙටම ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සුදානමක්…

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කීපය තුළ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඩි.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිම වෙනුවෙන් මුදල් වෙන්කිරීම සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතහොත් බොහෝ නරක විපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවත් රාජපක්ෂවරුන්ට තවදුරටත් විශාල ජන බලයක් ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී ඇමති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර තිබිණි.

එම හමුවේදීද ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාකච්චා කර ඇති අතර, එම අවස්ථාවේදී ඩිලාන් පෙරේරා මහතාගේ අදහසට විරුද්ධව ඇමති සරත් අමුණුගම මහතා ඇතුළු පිරිසක් අදහස් දක්වා තිබිණි.

රජයේ ප්‍රභල ඇමතිවරු දෙදෙනෙකුට රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමේ ප්‍රභල වුවමනාවක් ඇති බැවින් නුදුරු දිනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ද පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: