අධිකරණය හමුවේ ට්‍රම්ප් යළිත් පරදී

February 12, 2017 | 10:46 am    0   392

අධිකරණය හමුවේ ට්‍රම්ප් යළිත් පරදී

මුස්ලිම් රටවල් හතක සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා නිකුත් කළ නියෝගයට එරෙහිව පැනැවූ වාරණය සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතාගේ පාර්ශ්වය අභියාචනයක් ඉදිරිපත් කළද එම අභියාචනය ප්‍රතික්ෂේප විය.

ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ ට්‍රම්ප් මහතා යළිත් වරක් අධිකරණය හමුවේ පරාජයට පත්වුණු බවය.

අභියාචනා අධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් සමන්විත වූ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ ට්‍රම්ප් මහතාගේ පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

ට්‍රම්ප් මහතා විසින් ‘තහනම් කළ’ මුස්ලිම් රටවල් හතට අයත් වැසියකුගෙන් මේ වනතුරු කිසිම අවස්ථාවක ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නැති බව අධිකරණය මෙහිදී නීති දෙපාර්තමේන්තුවට පැහැදිලි කළේය.

අභියාචනා අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: