අන්තර් විශ්වවිද්‍යාලයිය රග්බි ශුරතාවය පේරාදෙණියට

August 14, 2017 | 11:53 am    0   175

අන්තර් විශ්වවිද්‍යාලයිය රග්බි ශුරතාවය පේරාදෙණියට

2017 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 29-24ක් ලෙස පරාජයට පත්කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පසුගිය අගෝස්තු 12 වැනි දින නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.

පසුගිය වසරේ ශුරයන් බවට පත්වූ මොරටුව විශ්වවිද්‍යාලයට මෙවර අනුශුරතාවයෙන් සැහීමකට පත්වීමට සිදු විය.

මෙම තරගාවලියේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. ඒ කොළඹ විශ්වවිද්‍යාලය ලකුණු 33-05ක් ලෙස පරාජයට පත්කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: