අනාගත බුදුවරු !

May 25, 2017 | 9:00 am    0   387

අනාගත බුදුවරු !

 

අතීත බුදුවරු පිළිබඳ කතිකාවන් කොතෙක් තිබුනත් අනාගත බුදුවරු ගැන තොරතුරු අල්ප වේ. වරක් සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස අප මහා තථාගතයන් වහන්සේ අනාගත බුදුවරුන් දස දෙනෙකු ගැන මෙසේ දේශනා කළසේක.

“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය”

ඒ අනුව පහත ලියා දක්වා ඇති බුදුවරුන් අනාගතයේදී පහළ වීමට නියමිත බව සඳහන් වේ

01-මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අජිත තෙරුන් වහන්සේ
02-රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ: රාම රජතුමා
03-ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පසේනදී කොසොල් රජතුමා
04-ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අභිභූ දෙව්රජු
05-නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ: දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා
06-රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: චඞකි බ්‍රාහ්මණයා
07-දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ: සුභ බ්‍රාහ්මණයා
08-නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: තොදෙය්‍ය බ්‍රාහ්මණයා
09-තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ: ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා
10-සුමංගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පාරිලෙය්‍යක හස්ති රාජයා

මුන් වහන්සේලා අනාගථයේදී බිහිවන කාල සීමා අපට සිතන්නටවත් නොහැකි.මෛත්‍රී බුදුන්ගේ භද්‍රකල්පය අවසානයේ රාම බුදුන් පහළ වීමට පෙර අසඛ්‍යය කාලයක් (1,000,000,000,000,000,000,000,000,000,000,000,000, 000,000,000,000,000‍) බුදුවරයෙකු නොමැති කාලයක් පහල වෙයි.ඒ කාලය දෙව් සහ මිනිසුන්ට තුණුරුවණක් නැති කාලයකි.මෛත්‍රී බුදුන්ගෙන්ද නිවන් නොදැක්කවුන් මේ සසරෙහි තව තවත් මැරි මැරි උපදිමින් සසරෙහි තවත් අතරමන් වේ.නිරය තුල අපා දුක් විඳීවි.සසරට අප බිය විය යුත්තේ එබැවිනි.එහෙත් අප තවමත් වාසනාවන්තය අපට අපගේ ගෞතම බුදුන්ගේ දහමින් නිවන් දකින්නට අවශ්‍ය නම් අපට තවත් වසර 2400ට වඩා වැඩි කාලයක් තිබේ.අප මේ ලැබූ මනුස්ස ආත්මය අපට සම්පතකි.වහ වහා කුසල සම්පත්තියේ යෙදුනහොත් ගෞතම බුදුන්ගෙන් නොහැකි වුවහොත් අඩුම තරමේ මෙතේ බුදුන්ගෙන් හෝ නිවන් දැකිය හැක.මේ මහා සසර දනවුවේ අතරමං නොවී නික්ම යා හැක.

(තොරතුරු පොතපතෙන් හා අන්තර්ජාලයෙන්)

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: