අනිත් අයගේ වැරදි නිසා මාලිංගට වෙච්ච දෙයක්

June 13, 2017 | 8:43 am    0   166

අනිත් අයගේ වැරදි නිසා මාලිංගට වෙච්ච දෙයක්

By Editor

අයි.සී.සී. චැම්පියන් ශුරතාවය රැගෙන එන්නට එංගලනත්ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අද යළි හිස් අතින්ම මවුබිමට එන්නට සිදුවිය. ඒ ඊයේ පාකිස්තානය හමුවේ ඔවුන් මුහුණදුන් තරගයෙන් කඩුලු 3 ජයක් පාකිස්තානය වාර්තාකිරීමත් සමගිනි. ඒ සමගින් අයි.සී.සී. චැම්පියන් ශුරතාවයේ අවසන් වටයට පිවිසීමේ මිලියන 20 ගේ සිහිනය ඊයේ (12) බොඳවී ගියේය.

කාඩිෆ් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් පකිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව ශ්‍රී ලංකා නායකයාට භාර කළේය. ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්දය ලකුණු 26 ට සීමා විය. ඒ ධනුෂ්ක ගුණතිලක ලකුණු 13 කට දැවීයාමත් සමගිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල අතර ලකුණු 56 ක සබඳතාවයක් ගොඩනැගිණි. දෙවන කඩුල්ල ලෙසිල් කුසුල් පිටියෙන් ඉවත්වන විට ඔහු රැස්කරගෙන සිටියේ ලකුණු 27 ක් පමණි. ඒ සමගින් පකිතානයට තිබු පීඩනය හරි අඩකින් පමණ අඩු වන්නට ඇත. ඒ ඉන්දියාවත් සමග පැවති තරගයේදී ප්‍රභල ඉන්දියානුවන්ට එලව එලවා පහරදුන්නේ මේ දෙදෙනා වීම නිසාවෙනි. ඊයේ දිනයේදීත් එම ප්‍රහාරය එලෙසම දියත්වූවා නම් තත්වය මිට වඩා දරුණු වීමට ඉඩ තිබිණි. ඉන් අනතුරුව පිටියට පිවිසි අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙක් වූ දිනේෂ් චන්දිමාල් පිට ඉන්නෙන් එපිටට ඇදී ගිය පන්දුවට පහරදීමට ගොස් නිකරුනේ සිය කඩුල්ල පුජා කළේ ලකුණු ලබාගැනීමටත් පෙරය. චන්දිමාල්ගේ මෙම වගකීම් විරහිත ප්‍රහාරය බොහෝදෙනෙකුගේ අප්‍රසාදයට හේතුවිය.

ඉන්පසු දික්වැල්ලට එක්වූ නායක මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමට යම් ජිඉවයක් එක්කළේය. ඔවුන් දෙදෙනාගේ සබඳතාවය 78 කි. ලකුණු 161 කඩුලු 3 ක් බිඳවැටී තිබු ශ්‍රී ලංකා ඉනිම මැතිව්ස් ලකුණු 38 දැවීයාමත් සමගම ගරාවැටීම ඇරඹුණි.  මොහොතකින් ශ්‍රී ලංකා ඉනිම 167 කට කඩුලු 7 ක් ලෙස දැක්විණි. පිතිකරුවන් එලෙස ආ පයින්ම ක්‍රීඩාගාරය වෙත යත්දී සුරංග ලක්මාල් කණ්ඩායමට අවශ්‍යම මොහොතේ අගනා වටිනා ලකුණු 26 ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දායාද කිරීමට සමත්විය. අවසන් පන්දු ඕවරයේ පන්දු 4 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236 කට සීමාවිය.

එතරම් අපහසු ඉල්ලක්කයක් නොවූ ලකුණු 237 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පකිස්තානු ඉනිම විටෙක ලකුණු 137 ට කඩුලු 6 ක් ලෙස දැක්විණි. ඒ මොහොත වනවිටත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගැන සිතන්නට අවස්තාව තිබුණි. නුවන් ප්‍රදීප් පකිස්තානු දඩයමේ ප්‍රමුඛයා විය. මේ සියලු වාසිදායක තත්වය නිසා කණ්ඩායම් දෙකේම බලපොරොත්තු සිය ජයග්‍රහණය වෙනුවෙන් ඉහළ නැංවී තිබිණි.

පකිස්තානු ජයග්‍රහණයේ නියමුවා වුයේ සියලු පීඩනයන් දරාගෙන නායකත්වයේ ඉනිමක් ගොඩනගමින් නොදැවී ලකුණු 61 ක් ලබාගත් නායක සෆ්රාස් අහමඩ් විය. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ජය තහවුරු කරන්නට පන්දුව අතට දෙන්නේ ශ්‍රී ලංකාවේ පළපුරුදුම පන්දු යවන්නාටය. මාලි නායකයාගේ එම වගකීම නිසි ලෙස ඉටුකළේ තමගේ අත්දැකීම් ඉතා හොදින් උපයෝගී කරගනිමිනි. නිසි ලෙස ක්‍රීඩකයන් ස්ථානගත කරමින් ඉතා හොදින් පන්දු යැවූ මාලිංගගේ පන්දුවකට ලකුණු 38 ක් ලබාගෙන සිටි සෆ්රාගේ පන්දුවකට තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව තිසර අතින් ගිලිහිමත් සමග තරගය කණපිට හැරිණි. ඉන් අනතුරුව මාලිංගගේ තවත් පන්දුවකට සෆ්රාස් විසින්ම සීක්කුගේ ප්‍රසන්නට ලබාදුන් අපහසු උඩපන්දුව ද ගිලිහි ගියේ මාලිංගගේ පමණක් නොව රටේම අවාසනාවට විය. මෙසේ පන්දු රකින්නන් සහ පිතිකරුවන් නිසි ලෙස වගකීම් ඉටු නොකරත්දී සල්ලි වලට IPL සෙල්ලම් කරනවා යයි කිවූ යෝකර් රජු තනිවම පකිස්තානය සමග සටන් කළේය. එය අවසානයේ තනිකරම මාලිංගගේ සහ පාකිස්තානයේ තරගයක් බවට පත්විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා බලාපොරොත්තු බොඳ කරමින් පන්දුවාර් 44 පන්දු 5 කදී පකිතාන්ය කඩුලු තුනකින් තරගය ජයගත්තේය. තරගයේ විරය සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුය.

පළමු අවසන් පුර්ව තරගය පකිස්තානය සහ එංගලන්තය අතර හෙට (14) මෙම ක්‍රීඩාංගනයේදීම පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා තේරීම් කමිටුවට හිතන්නට බොහෝ දේ ඉතිරිකල තරගාවලියක් බවට මෙම තරගාවලිය පත්විය.

අවසානයට කියන්නට ඇත්තේ තිසර නරක නැත. එනමුත් ඔහු තමාගේ මෙම අඩුපාඩු නිවැරදි කරගත යුතුය. නැතහොත් මෙවන් වටිනා තරගාවලියක පීඩනය මද තරග කිරීමට ඔහුට තවදුරටත් නොහැකිවනු ඇත. මෙම අඩුපාඩු අප පෙන්වාදෙන්නේ තිසර යනු නිකම්ම්ම නිකන් ක්‍රීඩකයෙකු නොවන නිසාය. ශ්‍රී ලංකාවට අවශ්‍යම අවස්තාවන් වලදී ජයග්‍රහණයන් රැසක් ඔහු තිලිණකර දී ඇත. එමෙන්ම පෙර දින පුහුණු තරගයේ දි පන්දුව හිසේ වැදීමෙන් අනතුරකට ලක්වූ විට මිලියන 20 ගේ පැතුම වුයේ ඔහුට ඉක්මනින් සුව වී මෙම තීරණාත්මක තරගය ජයගැනීමට හවුල්කාරයෙකු වීමට තිසරට හැකිවේවා කියාය. තිසර නැතුව තරගය දිනන්නට පුළුවන් බව ඒ කිසිවෙකුත් කිවේ නැත. වැදගත්ම දේ එයයි. ඔහු එතරම්ම තීරණාත්මක සාධකයකි. තිසර ඒ වටිනාකම හදුනාගත යුතුය.

ලසිත් මාලිංග ද  මෙතරම් දෙයක් වෙලත් තිසරට කිසිවක් කිවේ නැත. පිටට තට්ටුවක් දම කිවේ කමක් න කියාය. පරිණතබව යනු එයයි. මාලිංගට බනින බොහෝදෙනෙකු මෙය දුටුවා නම් පුදුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: