අනියම් බිරිඳ බෑ කීවාම සිරුරට ගිනි තියාගෙන මිය ගිහින්

August 25, 2017 | 1:13 pm    0   540

අනියම් බිරිඳ බෑ කීවාම සිරුරට ගිනි තියාගෙන මිය ගිහින්

සිය අනියම් බිරිඳව කැඳවාගෙන යාමට පැමිණි අවස්ථාවේ ඇය එයට අකමැති වූ නිසාවෙන් එතැනදීම සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (24) මරණයට පත්වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දන්කොටුව යෝගියාන ප්‍රදේශයේ උළු මෝලක සේවය කරමින් සිටි 40 හැවිරිදි වනසිංග ආරච්චිගේ ගුණතිලක නමැති අයෙකි.

මියගිය පුද්ගලයා යෝගියාන ප්‍රදේශයේම වෙනත් උළු කම්හලක සේවය කරමින් සිටි ලෙච්චමී නමැති කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇත.

ඊයේ (24) දහවල් ඇය සේවය කරන කම්හල අසලට ගොස ඔහු හා එන ලෙස පවසා ඇතත් ඇයගෙන් පිළිතුරක් නොලැබීම නිසාවෙන් එතැනදීම සිරුරට ගිනි තබාගෙන ඇත.

මෙම පුද්ගලයා බිරිඳගෙන් වෙන්ව ජීවත්වෙන විවාහකයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: