අනුරගේ පුතාගේ විවාහයට ජවිපෙන් විජිත පමණක් එයි

June 9, 2017 | 7:04 pm    0   187

අනුරගේ පුතාගේ විවාහයට ජවිපෙන් විජිත පමණක් එයි

By Editor

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුත‍් කසුන් දිසානායක ඊයේ (08) විවාහ දිවියට ඇතුලත්ව ඇති බවට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සදහන් වේ.

රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී ආගමික චාරිත‍්‍රානුකූළව මෙම විවාහය සිදුකෙරුන බවත් විවාහය වෙනුවෙන් වූ සාදය ඉන් පසුව කැස්බෑව තොටුපල හෝටලයේදී  පැවති බවත් එහි දැක්වේ.

එම විවාහය සදහා ජවිපෙ නායක අනුර දිසානායක සිය බිරිද සමග සහභාගී වූ අයුරු දැක්වෙන්නේ මෙසේය. ගල් ඇල්ලූ මෙරූන් පැහැ සාරියක් ඇද සිටින්නේ ජවිපෙ නායකයාගේ බිරිදයි. මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විජිත හේරත් මන්ත්‍රීවරයා පමණක් සහභාගි වී ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: