අනූෂට හා ලලිත්ට ඇප සලකා බැලේ..

September 14, 2017 | 10:30 am    0   508

අනූෂට හා ලලිත්ට ඇප සලකා බැලේ..

සිල් රෙදි නඩුවට අදාළව මහාධිකරණය විසින් දඬුවම් නියම කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂ පැල්පිට ඇප ලබාගැනීමට කරනු ලැබූ ඉල්ලීම අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ සලකා බැලීමට නියමිතය.

සැප්තැම්බර් 07 දින ඔවුන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවමක් මහාධිකරණය විසින් නියම කරන ලද අතර එහිදී ලබාදුන් දඩ හා වන්දි ඇතුළු අහෝසි කොට සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට පසුගිය 11 වැනි දා මහාධිකරණයට පෙත්සම් 2 ක් ගොනු කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: