“අනූෂා හොඳයි, මගේ හිත කවදාවත් රිද්දන්නේ නැති කෙනෙක්” – රන්ජන්

February 27, 2017 | 9:30 am    0   709

“අනූෂා හොඳයි, මගේ හිත කවදාවත් රිද්දන්නේ නැති කෙනෙක්” – රන්ජන්

පෝරුව මතදී මුදු මාරු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. මේ පිළිබඳව බොහෝ දෙනෙකු අතර කතාබහක් ඇති වුණු අතර ඇතැමුන් පැවසුවේ රන්ජන් හා අනූෂා හොර රහසේම විවාහ වී ඇති බවයි.

නමුත් එම කතාව සත්‍ය අසත්‍යතාව පිළිබඳව මේ වන විට ඔවුන් පුවත්පතකට අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි.

මේ අතර එම ඡායාරූප සම්බන්ධයෙන් රන්ජන් දක්වා තිබුණේ මෙවන් අදහසකි.

“ඕස්ට්‍රේලියාවෙ ඉන්න මගේ අක්කා පවා මේවා දැකලා කතා කළේ හරි දුකෙන්. ඇයි හදිසියෙ තනි තීරණ ගන්නේ කියලා අක්ක ඇඬුවා. ඔයා ක්‍රිස්තියානි ආගමේ අනුෂා බෞද්ධ. දැන් ඒ ළමයා ඔයාගේ ආගමට ගන්නවද කියලා ඇහුවා. ඔයාගේ දේශපාලන ගමන වෙනස්. එයා ගිය ආණ්ඩුවට වැඩ කළ කෙනෙක්. දැන් ඒවත් වෙනස් කරනවද කියලා ඇහුවා. ප‍්‍රශ්න ගොඩයි.

අනූෂා හොඳ කෙනෙක්. මගේ හිත කවදාවත් රිද්දන්නේ නැති කෙනෙක්. තවම මට තනිකම දැනිලා නැහැ. ඒත් දැනෙන කාලයක් එයි. එදාට මම ජීවිතේ වෙනසක් කරලා තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. ඒත් තවම මම මෙහෙමමයි.”

මේ අතර එම ඡායාරූප සම්බන්ධයෙන් අනූෂා දක්වා තිබුණේ මෙවන් අදහසකි.

“ඡායාරූප ටික අන්තර්ජාලයේ ගිහිං ටික වේලාවක් යන්න කලින් මට ඇමතුම් ගොඩාක් ආවා. වැඩිපුරම තිබුණේ චෝදනා.. කාටවත් නොකියා වෙඩින් එක ගත්තේ ඇයි කියලයි ඇහුවේ. නැදැයින් යාළුවෝ පවා කලබල වෙලා. හැමෝම අපිට සුබ පැතුවා.ගැළපෙනම ජෝඩුව කියලත් ගොඩක් අය කිව්වා.ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම දවසක් ඒ විදිහට ගෙවුනා කියලයි මම හිතන්නේ.

මොකද රංජන් අයියත් විනෝදයට බර කෙනෙක්. ෆොටොස් ගන්නකොට මුහුණට මුහුණ ළං කරන්න කියද්දි රන්ජන් අයියා මගේ මුහුණ සිඹිනවා. ඉතිං ඒවා තමයි අන්තිමේට ඡායාරූපගත වෙලා තියෙන්නේ. ඒ වගේම විවාහයට කලින් හොඳ රියසල් එකක් ගත්තා. බඳින එකත් ලේසි නැහැ කියලයි හිතුණේ.” යනුවෙන් ඇය සඳහන් කර තිබුණා.

Reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: