අපිටත් සාමය අයිති යැයි සිරියානු දැරියක් ට්‍රම්ප්ට ලියයි

January 27, 2017 | 12:55 pm    0   477

අපිටත් සාමය අයිති යැයි සිරියානු දැරියක් ට්‍රම්ප්ට ලියයි

බානා අලබෙද් නමින් ලොව පුරා ජනප්‍රිය වූ සිරියානු දැරිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇලෙප්පෝ සිට ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ලොව කාගේත් අවධානය දිනාගත් බානා අලබෙද් තවමත් හත්වැනි වියේ පසුවන්නීය.

“සිරියාවේ දරුවන් වෙනුවෙන් ඔබ යමක් කළ යුතයි. ඔවුන්ටත් සාමය හිමිවිය යුතුයි” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් බානා අලබෙද් දියණිය පවසා ඇත.

සිරියානු රජයේ හමුදා ඇලෙප්පෝ නුවර සටන්කාමීන්ගෙන් බේරාගැනීම සඳහා පැවැති දැවැන්ත මෙහෙයුම් අතරේ තම පවුලේ සාමාජිකයන් සමඟ ඉන් පැන ගැනීමට බානා සමත්වූවාය.

විපක්ෂ කැරැලිකරුවන්ගේ හා සටන්කාමීන්ගේ පාලනයේ තිබූ සිරියාවේ නැගෙනහිර කොටසේ සිට ට්විටර් පණිවිඩ යොමු කිරීමත් සමඟා බානා ලොව පුරා මාධ්‍ය අතරේත් ජනතාව අතරේත් ප්‍රසිද්ධියට පත්වූවාය.

ඇමෙරිකා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ පිටපතක් පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: