අපේ අම්මා multi tasker කෙනෙක් – ශනුද්‍රි

January 24, 2017 | 2:19 pm    0   1226

අපේ අම්මා multi tasker කෙනෙක් – ශනුද්‍රි

තරුවරම දුන් සඳු ගැන කතාබහට අද අපි තෝර ගත්තේ දඟකාර දූවරු තුන් දෙනෙකුගේ අයිතිකාර අම්මව. සම වයසේ ඉන්න දූවරු තුන්දෙනෙකුව එකම විදියකට ආදරෙන් බලාගන්නවා කියන්නේ බොහොම අමාරු වැඩක්. මේ තරම් ආදරෙන් දූවරු තුන්දෙනෙක් බලාගන්න අම්මා ගැන අහන්න අපි කතා කළේ මේ තුන්දෙනාගෙ බාලම දුවට. බලන්නකො එයාට එයාගේ අම්මා ගැන කොයිතරම් දේවල් මතක ද කියලා.

ඔයාගේ අම්මගේ නම?
ශිරානි ප්‍රියසාද්

අම්මගේ උපන් දිනය?
මැයි 17

අම්මා කන්න කැමතිම කෑම මොනව ද?
අම්මා ගොඩක් ආසයි රඹුටන් කන්න.

අම්මා ඔයාට ආදරේට කතා කරන නම?
ශනු, බබා කියල තමයි කතා කරන්නේ.

අම්මා එක්ක මුලින්ම තරහ වුණේ ඇයි?
ගොඩක් වෙලාවට තරහ නම් යනවා. මම පුංචි කාලේ දෙන්නත් එක්කම තරහ වෙනවා. එක හේතුවක් කියලා නෑ. පොඩි පොඩි දේට තරහ වෙනවා.

අම්මව කවද්ද අන්තිමට dinner out  එක්ක ගියේ?
මම නම් ඉතින් අම්මව එක්කගෙන යන්නෙ නැහැ. ළඟදි අක්කාගේ Birthday එකට අපි පස්දෙනාම එළියට ගියා.

ගෙදරින් පිටවෙලා ගමනක් යද්දි අම්මා මොකද්ද කියන්නේ?
අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන් මාත් එක්ක එනවා යන්න. ඒ නිසා විශේෂයෙන් මුකුත් කියන්නෙ නැහැ. හැබැයි කොහේ හරි යන්න නම් සතියකට කලින් permission ගන්න නම් ඕන. කොහේ හරි යන්න හදනකොට නම් ප්‍රශ්න ගොඩක් අහනවා.

අම්මට කීපාරක් බත් කවලා තියෙනව ද?
කවල නැහැ. මොකද අම්මා කැමැති නැහැ මම කවනවට.

ඔයා නිසා අම්මා අන්තිමට ඇඬුවේ කවද්ද?
මම නිසා දුකට නම් අඬලා නැහැ. ඉස්කෝලේ teacher මගේ හොඳ කියන කොට නම් අම්මා අඬල තියෙනවා.

අම්මගේ අත් දෙක අල්ලගෙන මූණ දිහා බලන් ඉඳලා තියෙනව ද?
ඒක සාමාන්‍ය දෙයක් මගෙයි අම්මාගෙයි. මම කොහොමත් අත අල්ලන් ඉන්නව.

අම්මගෙන් ගුටිකාල තියෙනව ද?
අම්මෝ ඕන තරම් ගුටිකාලා තියෙනවා. මම තමයි වැඩිපුරම ගුටි කන්නෙ ගෙදර. අනික අම්මා මතක හිටින්න ගහනවා.

අම්මා දීපු අමතක නො වන අවවාදේ මොකද්ද?
එහෙම අමතක නො වෙන අවවාදයක් නෑ.

කවදාහරි අම්මගේ රෙදි සෝදලා තියෙනව ද?
අම්මෝ ඔව්. ඕන තරම් හෝදල තියෙනවා.

අම්මා ගැන කෙටියෙන් කියන්න.
අපේ අම්මා multi tasker  කෙනෙක්. ඒක පාර වැඩ 100ක් වුණත් හිතන කෙනෙක් කියලා අම්මව හඳුන්වන්න පුළුවන්.

අම්මා යන්න කැමති තැන මොකද්ද?
අම්මා ඕන තැනක යන්න කැමතියි සාරි අඳින්න නැත්නම්.

අම්මා ආසම සිංදුව මොකද්ද?
මං අහන සිංදුවලට අම්මා කැමතියි. ගොඩක් හින්දි සිංදුවලට තමයි කැමති.

අම්මට කොහොම ඇන්‍ෙදාත් ද ලස්සන?
අම්මා කුර්තා ඇන්ඳම ලස්සනයි. ගවුම් ඇන්¼දාමත් ලස්සනයි.

අම්මට දීපු වටිනම තෑග්ග මොකද්ද?
මම තනියම දීලා නැහැ. ගොඩක් වෙලාවට අපි තුන්දෙනාම එකතු වෙලා මොනව හරි අරන් දෙනවා.

අම්මා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කළොත් මොකද්ද කරන්නේ?
මම ඉන්නකම් අපේ අම්මත් ජීවත් වෙලා ඉන්න ඕන.

උපුලි පුන්සරා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: