‘අභියෝගාත්මක කඩුල්ල පැන ගියේ සැලසුම් සහගතවයි’ – ගුණරත්න

February 21, 2017 | 9:42 am    0   429

‘අභියෝගාත්මක කඩුල්ල පැන ගියේ සැලසුම් සහගතවයි’ – ගුණරත්න

හය වැනි විස්‌සයි විස්‌ස තරගයේදී සටන්කාමී පිති ප්‍රහාරයක්‌ දියත් කරමින් ශ්‍රී ලංකාවට සිව්වැනි වරටත් ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව විස්‌සයි – 20 තරගාවලියක්‌ ජය ගැනීමේ පුරෝගාමියා වූ අසේල ගුණරත්න සිය සැලසුම් සහගත ඉනිමේ අවසන් පන්දු වාර දෙකේදී ලකුණු විස්‌සක්‌ ලබා ගැනීමට අසීරු නොවනු ඇතැයි මුල සිටම විශ්වාසය පළ කර සිටි බව පවසයි.

”මගේ සැලැස්‌ම තිබුණේ අවසන් පන්දු වාර දෙකට ලකුණු 20 ක්‌ විතර ගහල ජය ගන්න මට්‌ටමට ගෙන එන්න. නමුත් ඒ ගාන වැඩි වුණා. ඒත් හොඳ වෙලාවට දහනව වැනි පන්දු වාරයේදී 22 ක්‌ ගන්න පුළුවන් වුණා. අවසන් පන්දු වාරයට ලකුණු 14 ක්‌ කියන්නේ ටිකක්‌ ලොකු ගාණක්‌. නමුත් ඒක කොතරම් අමාරු වුණත් කොහොම හරි ඒක ලබා ගත යුතුව තිබුණා.’ යෑයි ගුණරත්න පවසයි.

තමා නිතරම පිතිකරණයේ යෙදෙන විට සොයමින් සිටියේ හතරේ පහරවල් බවත් අවසානයේදී ලොකු පහරවල් අවශ්‍ය වූ විට පමණක්‌ එම පහරවල් කරා යා යුතු බවත් ගුණරත්න පවසයි. ”මට තරගය ඉවර කරන්න පුළුවන් වුණ එක ගැන නම් ගොඩක්‌ සතුටුයි’ යෑයි අසේල වැඩිදුරටත් කීවේය.

”අපිට දැනුණේ අපේ රටේ සෙල්ලම් කරනවා වගේ. හැම පැත්තෙන්ම අපිට ඕල්වරසන් ලබා දුන්නා. ඒක අපිට තරග ජය ගන්න විශාල ශක්‌තියක්‌ වුණා. ඇත්තටම ඔස්‌ටේ්‍රලියාවේදී තරගාවලියක්‌ ජය ගන්න ලැබීම විශාල සතුටක්‌.” යෑයි අසේල ගුණරත්න පවසයි.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර විස්‌සයි විස්‌ස කුසලානයක්‌ වෙනුවෙන් පැවැති පස්‌වැනි තරගාවලිය මෙය වන අතර එහිදී ශ්‍රී ලංකාව සිව් වරක්‌ ජය ගනිද්දී ඔස්‌ටේ්‍රලියාවට ජය ගත හැකිව ඇත්තේ එක්‌ තරගාවලියක්‌ පමණි.

”අපිට පළමු තරගය ජය ගන්න ගොඩක්‌ අවස්‌ථාවක්‌ පෙනෙන්න තිබුණා. නමුත් අවසානයේදී කරට කර ගිහිල්ල තමයි ජය ගත්තේ. ඒක ජය ගන්න බැරි වුණානම් විශාල අපරාධයක්‌. ඒ නිසා තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම ඔස්‌ටේ්‍රලියාව තරගාවලියෙන් පරාජය කිරීම විශාල දෙයක්‌.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: