අම්මට බැන්න මිනිහට ගහපු චිලී හිරේ

October 11, 2016 | 1:37 pm    0   1200

අම්මට බැන්න මිනිහට ගහපු චිලී හිරේ

එෆ්. ෂර්මිලා

ලංකාවේ ප‍්‍රසිද්ධගායකයෙක් වන චිලී තිලංක පසුගිය 6 වන දා රාත‍්‍රීයේදී තලංගම ප‍්‍රදේශයේ බස් රථ සේවකයෙකුට පහර දීම හේතුවෙන් පහර කෑමට ලක්වුනු පුද්ගලයා රෝහල් ගත කර තිබුණා. මේ අනුව මේ සිද්ධිය හේතුවෙන් ගායක චිලී තිලංක අද (11) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චිලීගේ නිවස අසල තිබුණු බණ ගෙදරකට පැමිණ සිටි බීමත් පුද්ගයෙක් චිලී සහ ඔහුගේ පවුලේ අය ගමනක් සඳහා පිටත් වීමේදී චිලීගේ වාහනය අවහිර කිරීම නිසා සිදු වූ බහින් බස් වීමක් මේ සිද්ධියට හේතු වී ඇති බවයි අරංචි වුනේ.

බීමතින් සිටි පුද්ගලයාගෙන් චිලීගේ මව ඒ ගැන ප‍්‍රශ්ණ කරන්නට ගොස් ඒ පුද්ගලයා චිලීගේ මවට කුණුහරප වලින් බැණ ඇය අසලට එන විට එය වැළැක්වීමට යාමෙන් කෝප වුනු චිලී එම පුද්ගලයාගේ කටට පහරවල් කිහිපයක් ගසා තිබෙන බවයි ආරංචි වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: