අයින් වෙනවනම් අයින් වෙන්න. හමුදාවෙන් පැනපු අයට චාන්ස් එකක්

ජනාධිපතිතුමාගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද්ධ හමුදා වීනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ඩී.කේ.ජි.ඩී. සිරිසේන, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලෙස්ලි විජේසුන්දර, නීතිසේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ, අතිරේක හමුදා ලේකම් බ්‍රිගේඩියර් ශාන්ත ඊස්වරන් සහභාගි වූ පසුගිය (19) දින පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බැව් දැනුම් දී ඇත.

යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමීව මෙම පොදු සමා කාලය ඔක්තෝබර් 23 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වනු ඇත.

2016 වසර අවසානයේ ක්‍රියාත්මක කෙරුණු පොදු සමාකාලයෙන් පසු මේ වනවිට නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටි 5000කට ආසන්න යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ද මෙහිදී පැවසීය.

එසේ වුව ද, යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙම පොදු සමාව වලංගු නොවේ.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 4 =