අයිස්ක්‍රීම් කතාව

May 24, 2017 | 2:00 pm    0   107

අයිස්ක්‍රීම් කතාව

 

ගිනි කාශ්ඨකේ වගේම තද වැස්සේ වුවත් හැමෝම රස බලන්න කැමති කෑමක් තමා අයිස් ක්‍රීම්. අයිස් ක්‍රීම් වල මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා දිව යනවා. රෝම අධිරාජ්‍ය නීරෝ වෙනුවෙන් නිර්මාණය කරා යැයි ඉතිහාසයේ සදහන් වෙන අයිස් ක්‍රීම්, කඳුමුදුනෙන් රැගෙන ආ හිම, කුඩාවට කපාගත් පලතුරු කැබලි එම යුෂ හා මී පැණි එක් කර සාදා ගන්නා ලද්දක්. ඒ වගේම තවත් මතයක් තියෙනවා චීනයේ ටැ(න්)ග් රජු සතුව අයිස් හා කිරි මිශ්‍ර කර සාදා ගන්නා කෑමක වට්ටෝරුවක් තිබුන බව. ඒ අනුව සමහරවිට චීනයේ සිට යුරෝපයට අයිස් ක්‍රීම් සංක්‍රමණය උනා වෙන්නත් පුළුවන්.මැසිඩෝනියාවේ රජ කරපු මහා ඇලෙක්සැන්ඩර් රජතුමා සතුවත් මී පැණි මුසු කරලා හදපු රසවත් අයිස් පානයක වට්ටෝරුවක් තිබුනාලූ.

ඒත් අද බහුතරය පිළිගන්න මතය 17වන සියවසේදී මුලින්ම අයිස් ක්‍රීම් නිපැයූවේ ඉතාලියේ කියලා. ඔවුන් එය ප්‍රංශය හරහා යුරෝපය පුරා ප්‍රචලිත කරා කියලා. චීනයට සංචාරයේ ගියපු මාකෝ පෝලෝ චීනයේ සිට ඉතාලියට අයිස් ක්‍රීම් වට්ටෝරුව ගෙනා බව සලකනවා.

සියවස් ගානකට කලින් මිනිස්සු ගිම්හාන සෘතුව සදහා සිසිල් අතුරුපසක් හැදුවා කිරි වල සාරවත්ම කොටස භාවිතා කරලා. එහෙමත් නැත්නම් කස්ටට් භාවිතා කරලා. මෙන්න මේ අතුරුපස අයිස් වල දාලා තමයි ශීත කරේ.ශීත කිරීම සඳහා ඔවුන් හිමකඳු වලින් රැගෙන ආ හිම භාවිතා කරා.ශීත කරන්න කරන්න ක්‍රීම් (cream) ගතිය වැඩි වෙලා ඝණීභවනය (ice) වුනාලු. ඒ නිසා ඒ හදපු අතුරුපසට අයිස්ක්‍රීම් එහෙමත් නැතිනම් හිම කිරිම කීවාලු.

ඇමරිකාවේ මුල්ම අයිස් ක්‍රීම් වෙලද සැල ආරම්භ කරා කියලා සඳහන් වන්නේ 1776දී නිව්යෝක් නුවරදි.කෙසේ වෙතත් 1800 වෙනකන්ම අයිස් ක්‍රීම් ප්‍රභූ පිරිස අතර පමණක් ගැවසින ඉහළ පැළැන්තියේ කෑමක් වුනා. නමුත් අද වෙද්දි දුප්පත් පොහොසත් ලොකු කුඩා කවුරු කවුරුත් කන කෑමක් විදිහට අයිස් ක්‍රීම් ප්‍රචලිතයි.

ඇමරිකාවේ විශාලතම අයිස් ක්‍රීම් සමාගම වන වෝල්ස් අයිස් ක්‍රීම් සමාගම පවසන ආකාරයට ඔවුන් වසරකට නිපදවන අයිස් ක්‍රීම් ප්‍රමාණය ගැලුම් මිලියන 100 ඉක්මවනවලු. ඒ වගේම ඔවුන් දිනකට අයිස් ක්‍රීම් ගැලූන් 250,000ක් නිෂ්පාදනය කරනවා.

වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, ෆෘට් ඇන්ඩ් නට්, බටර් ස්කොච්, බනානා ක්‍රීම්, කර්ත කොළොම්බන් වැනි එකි නොකී රස වලින් අපි අතරට එන අයිස් ක්‍රීම් රස නහර පිනා යන ඉතා රසවත් ආහාරයක් බව ඒ රස දන්නා හැමෝම නොදන්නවා නොවේ.

හසිත හේරත්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: