අර්ජුනගේ ප්‍රකාශයට තිලංගගෙන් පිළිතුරු (වීඩියෝ සහිතයි)

August 17, 2017 | 4:22 pm    0   484

අර්ජුනගේ ප්‍රකාශයට තිලංගගෙන් පිළිතුරු (වීඩියෝ සහිතයි)

තමා 2019 වසර වනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමා ඉවත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (16) පැවසිය. ඒ ඉන්දියාව සමඟින් එක්දින සහ විස්සයි තරගාවලිය ආරම්භවීමට පෙර ඊයේ (16) SSC ක්‍රීඩාංගනයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වහාම එම තනතුරින් ඉවත්විය යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පසුගියදා පැවසිය. ඒ පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසු විට සුමතිපාල මහතා ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.

“මට අවම වශයෙන් තව වසර 3ක පමණ කාලයක් මෙම ධූරයේ ඉන්න පුළුවන්, ඊළඟ නිලවරණය තියෙන්නේ තව අවුරුදු 3කින් විතර. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තනතුරක් වෙත යාමට මට දැනට අවශ්‍යව නෑ. නමුත් ඔවුන් මගේ අත්දැකීම් හා ජ්‍යේෂ්ඨත්වය නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස කිහිප වතාවක්ම ඉල්ලීම් කරලා තිබෙනවා. මම මේ ධූරයේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු රැඳී සිටිනවා”

එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: