අර්ජුන් මහේන්ද්‍රන් අදත් බැඳුම්කර කොමිසමට එයි

September 22, 2017 | 11:53 am    0   128

අර්ජුන් මහේන්ද්‍රන් අදත් බැඳුම්කර කොමිසමට එයි

ශ්‍රී ලංකා මහා බැංකුවේ  හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තෙවන වරටත් අද (22) බැඳුම්කර කොමිසම වෙත පැමිණ ඇත. ඒ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාලව සාක්ෂි ලබාදීම වෙනුවෙනි.

මිට පෙර ඔහු වෙත සිතාසි නිකුත් කර තිබූ අතර, ඉන් අනතුරුව පසුගිය 19 සහ 20 දෙදින තුල ඔහු මෙම කොමිසම වෙත පැමිණියේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මහා බැංකුවේ හිටපු අධිපතිවරයගෙන් හරස් ප්‍රශ්න ඇසීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කරුණු අධ්‍යනය කිරීමට දින දෙකක කාලයක් ඔවුන් විසින් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඒ මහතා අද දින එම කොමිසම වෙත පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: