අර්ජුන ඇමතිකමත් එක්ක වචනෙ වෙනස් කරයි

May 26, 2017 | 12:35 pm    0   184

අර්ජුන ඇමතිකමත් එක්ක වචනෙ වෙනස් කරයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ආයෝජකයින් ගෙන්වා ගැනීම – රටේ සම්පත් විකිණීමක් බව දේශපාලන අනාථයින් පවසන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ධූරයේ ඊයේ (25) වැඩ භාර ගනිමින් ඇමති අර්ජුන රණතුංග පැවසීය.

නාවික ඇමති ධුරයේ වගකීම් දරමින් සිටියදී ඇමතිවරයා වරාය විදේශයන්ට බදු දීම සම්බන්ධයෙන් බෙහෙවින් ඉදිරිගාමීව කටයුතු කළ අතර ඊයේ (25) දිනයේදී මෙසේ පැවසීය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට සැලසුම්කිරීම සම්බන්ධයෙන් ඒකා පාර්ශවිකව ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පල කළේ ය.

කෙසේනමුත්, ආයෝජකයින් ගෙන්වා ගෙන රට සංවර්ධනය කිරීමේදී එහි ප්‍ර‍තිලාභ මහජනතාවට යා යුතු බවද ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: