අලි කතාව 18 වැනිදා සිට රිදී තිරයේ…

May 14, 2017 | 4:00 pm    0   567

අලි කතාව 18 වැනිදා සිට රිදී තිරයේ…

ලෙටීෂියා බොතේජු ගේ කතාවක් ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් නිර්මාණය කරන ලද ‘අලි කතාව’ චිත්‍රපටය මැයි මස 18 වැනි දින සිට EAP මණ්ඩලයේ සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

අවුරුදු දෙකහමාරක් වයසැති රාජු නම් අලි පැටවා සමග කෞෂල්‍ය ප්‍රනාන්දු, යෙහානි හංසිකා යන ළමා නළු නිළි දෙපළ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන අතර සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දීපානි සිල්වා යන ශිල්පීන්.

චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ද, ප්‍රවීණ ගායන ශිල්පිණී නන්දා මාලිනී සමග විදූෂා නේත්‍රාංජලී සහ ඉරෝෂාන් මදුශංක යන ළමා ශිල්පීන් දෙපළගේ ගායන මාධුර්යයෙන් ද හැඩවැඩ වූ ‘අලි කතාව’  සිප්වින් චිත්‍රපට වෙනුවෙන් ගුණපාල රත්නසේකරගේ නිෂ්පාදනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: