අලුත් අවුරුද්දට ‘බේගම් ජාන්’

April 11, 2017 | 4:00 pm    0   168

අලුත් අවුරුද්දට ‘බේගම් ජාන්’

සම්මානනීය අධ්‍යක්ෂ Srijit Mukherji ගේ බේගම් ජාන් (Begum Jaan) හින්දි චිත්‍රපටය අප්‍රේල් 14 වැනිදා සිට තිරගත වීමට නියමිතව තිබෙනවා. සුරූපී බොලිවුඩ් නිළි විද්‍යා බාලන් ප්‍රධාන චරිතයට පණ පොවන බේගම් ජාන් Srijit Mukherji විසින්ම අධ්‍යක්ෂණය කරන ලද Rajkahini බෙංගාලි චිත්‍රපටයේ හින්දි ප්‍රති නිර්මාණයයි.

ඉන්දියාවට නිදහස හිමිවීම සහ ඉන්දු පාකිස්ථාන දේශසීමාව නිර්මාණය වීමට අදාල කාල සීමාව චිත්‍රපටයට පසුබිම්ව ඇති අතර එකී දේශසීමාව මැද පිහිටි ගණිකා නිවාසයක පාලිකාවක ගේ චරිතය වටායි බේගම් ජාන් කෘතිය නිර්මාණය වී ඇත්තේ. Vishesh Films සමග Play Entertainments නිෂ්පාදන දායකත්වය සපයා ඇති එහි සංගීතය නිමවා ඇත්තේ අනූ මලික්. ප්‍රදර්ශනයට පෙර බේගම් ජාන් නිර්මාණයේ කොටස් කිහිපයක් වාරණය කිරීමට ද ඉන්දීය සිනමා බලධාරීන් තීරණය කර තිබෙනවා.

එම සිනමා පටයේ trailer එක පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: