අලුත් ග්‍රහ ලෝක 07ක්, 03ක් මිනිස් වාසයට සුදුසුයිලු

February 24, 2017 | 10:00 am    0   619

අලුත් ග්‍රහ ලෝක 07ක්, 03ක් මිනිස් වාසයට සුදුසුයිලු

තනි තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථිවියට සමාන ග්‍රහ ලෝක 07ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතුරින් මිනිස් වාසයට වඩා සුදුසු ග්‍රහ ලෝක තුනක් ඇති බව පැවසේ.

මෙම පර්යේෂණයට එක්වූ බෙල්ජියම් හි ලීග් විශ්වවිද්‍යාලයේ මිෂෙල් ගිලන් විසින් බී.බී.සී මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා වන චන්ද්‍රයන් පිහිටා ඇති පරිද්දෙන් මෙම ග්‍රහ ලෝක එකිනෙකට සමීපව පිහිටා ඇති බවයි.

මෙම ග්‍රහලෝක හතම ප්‍රමාණාත්මකව කුඩා වන මෙන්ම සිසිල් ගතියක් පෙන්වන බැවින් එහි ජලය මෙන්ම යහපත් දේශගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: