අලුතින් පත්වන ආණ්ඩුවේ ඇමති අර්ජුන අලුත් වැඩක් කරනවලු

July 10, 2017 | 12:48 pm    0   150

අලුතින් පත්වන ආණ්ඩුවේ ඇමති අර්ජුන අලුත් වැඩක් කරනවලු

ඇමති අර්ජුන රණතුංග මහතා පසුගියදා පැවතී පුවත්පත් සාකච්චාවකදී ඉදිරියේ පත්වන නව ආණ්ඩුවක් පිළිබඳව ඉඟියක් කළේය. එපමණක් නොව එම ආණ්ඩුවේ තමාගේ කාර්යභාරය පිළිබඳව ද ඔහු සඳහන් කරන්නට එහිදී අමතක කලේ නැත.

“මේ ඡන්ද ක්‍රමයත් එක්ක ක්‍රිකට් ගොඩ ගන්න බැහැ. අනිවාර්යෙන්ම අතුරුපාලක මණ්ඩලයක් පත් කල යුතුයි. ඊට පස්සේ හොඳ පුද්ගලයෙකු පත් කල යුතුයි. ඒ වගේම මට ආරාධනාවක් ආවොත් මම අනිවාර්යෙන්ම එතනට ගිහින් ඕක හදනවා. මොන අමාත්‍යංශයක් තිබුනත් ඒ අමාත්‍යංශයේ වැඩ පොඩ්ඩකට හරි පස්සට තියලා මේක හදල දෙනවා. එකට මට අවශ්‍යයි කවුරුහරි ආරාධනා කරන්න. එක ජනාධිපතිතුමාට හෝ ක්‍රීඩා ඇමතිවරයාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මගේ වැඩ ටික කරගෙන යනවා. ඊළඟ ආණ්ඩුවක් එයි. ඒ ආණ්ඩුවේ ඉන්න සමහර අය කියයි ඇවිත් මේක හදල දෙන්න කියලා. එතකොට මම එක කරලා දෙනවා” ඇමතිවරයා අනාගත දේශපාලනය ගැන ද එලෙස ඉඟි කළේය.

 

අර්ජුන රණතුංග යනු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුව පත්කිරීමට මහත් වෙහෙසක් දැරූ පුද්ගලයෙකි. එම නිසාවෙන්ම අරජුන රණතුංග මහතාගේ මෙම ප්‍රකාශය දේශපාලනයේ මහත් ආන්දෝලනයකට තුඩුදෙන ප්‍රකාශයක් වනු නොවනුමානය.

තවද වත්මන් යහපාලන ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුධ ද මේ සමඟම යලිත් කරලියට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: