අලෙවිකළ නොහැකි ඖෂධ නුවරදී අත්අඩංගුවට

March 27, 2017 | 1:00 pm    0   205

අලෙවිකළ නොහැකි ඖෂධ නුවරදී අත්අඩංගුවට

ඖෂධ ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ ආයතන මගින් වෛද්‍යවරුන්ට සාම්පල වශයෙන් නොමිලේ ලබාදීම සඳහා අළෙවි නියෝජිතයන්ට නිකුත් කරන ‍ඖෂධ තොගයක් රෝගීන්ට මුදලට අළෙවි කිරීම සඳහා කටුගස්තොට ප්‍රධාන පෙළේ ඖෂධ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් තුළ සකස් කරමින් තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (25) එම ස්ථානය වටලා රුපියල් මිලියනයක පමණ ඖෂධ අත්අඩංගුවට ගෙන තිබේ.‍

මෙම ව්‍යාපාරයේ හිමිකරුට මාර්තු මස 30 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නිලධාරීන් විසින් රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුව මුදාහරිනු ලැබ ඇත.

විකිණීමට නොවේ යනුවෙන් සඳහන් ‍ඖෂධ බහාලුම් ඉවත්කර මෙම ස්ථානයේදී අදාළ ඖෂධ වෙනත් පෙට්ටිවල අසුරා ඔවුන්ටම අයත් ඖෂධ අළෙවි මධ්‍යස්ථාන ජාලය හරහා ඒවා රෝගීන්ට අළෙවි කරන බවට ලද තොරතුරු මත අදාළ වැටලීම සිදුකර තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් අටක පමණ නිෂ්පාදන මෙම ස්ථානයේ සිට බෙදා හැරීම් සිදුකර තිබෙන බවත් වෛද්‍යවරුන්ට සාම්පල වශයෙන් ලබාදෙන ප්‍රධාන රෝග රැසකට අයත් ඖෂධ මෙහි තිබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

අදාළ අළෙවි නියෝජිත සතුව දිවයිනේ ප්‍රදේශ රැසක ‍ඖෂධ අළෙවි සැල් තිබෙන අතර මෙම ‍ඖෂධ කලක පටන් එම ස්ථාන හරහා රෝගීන්ට අළෙවි කර තිබෙන බවට සැකකරයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ අදළ ගබඩාව තුළ කල් ඉකුත්වූ ‍ඖෂධද තිබූ නමුත් ‍ඖෂධ අළෙවි නියෝජිතයකු වන සැකකරුට, ඖෂධ සපයන සමාගම් වලට යළි යැවීම සඳහා කල් ඉකුත්වූ ඖෂධ එකරැස් කළ හැකි බැවින් ඒ සම්බන්ධව නීතීමය ක්‍රියාමාර්ග නොගත් බව වැටලීම් සිදුකළ නිලධාරියකු පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාගේද සහ මහනුවර දිස්ත්‍රික් ආහාර හා ‍ඖෂධ පරීක්ෂක ආර්.පී .ඩබ්ලිව් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසකගේ සහය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ.
දියවැඩියාව,අධිරුධිර පීඩනය,ඇඳුම,පීනස ඇතුළු රෝග ගණනාවක් සඳහා නිකුත් කරන ඖෂධ මෙන්ම මිල ඉහළ ප්‍රතිජීවක වර්ගද අත්අඩංගුවට ගත් ඖෂධ අතර තිබෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: