අස්ගිරි මහා නාහිමි යාපනයේ සංචාරයක

August 29, 2017 | 4:13 pm    0   468

අස්ගිරි මහා නාහිමි යාපනයේ සංචාරයක

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් මේ දිනවල යාපනය අර්ධද්වීපයේ සිව්දින සංචාරයක නිරත වේ.  

පසුගිය දිනවල යාපනය ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ සිදුවීම නිසාවෙන් යාපනයේ වත්මන් තත්වය සියසින් දකබලාගැනීමේ අරමුණෙන් උන්වහන්සේ මෙම සංචාරයේ නිරතවන බව වාර්තාවේ.

උන්වහන්සේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාව අද (29)  උදැසන  මුණගැසිණි. මෙම අවස්ථාවට යාපනය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් සහ හමුදා ප්‍රධානින් රැසක් ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව නාගදීපය, නල්ලුර් කෝවිල වැනි ආගමික සිද්ධස්ථාන රැසක සංචාරය කිරීමටද නියමිතය. මිට අමතරව අනිකුත් ආගමික ප්‍රධානීන්ද හමුවී සාකච්චා කිරීමටද නියමිතය.

මෙම සංචාරයට අදාලව උන්වහන්සීගේ ප්‍රධානත්වයෙන් හෙට (30) දිනයේදී පුතූර් ශ්‍රී පඥාසීහ මහා විද්‍යාලයේදී පොත් බෙදාදීමක්ද සිදු කිරීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: