අසේල ගුණරත්නට BPL වරම්..

June 26, 2017 | 12:04 pm    0   266

අසේල ගුණරත්නට BPL වරම්..

ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශ ප්‍රීමියර් ලිග් (BPL) තරගාවලියට සහභාගීවීමේ වරම් හිමිවන බව වාර්තා වේ.

ඉරිදා ඇපල් ස්පෝර්ට්ස් වෙත වාර්තාවන ආකාරයට “ඩකා ඩයිනමයිට්ස්” කණ්ඩායමට අසේලව තරග සංවිධායකයින් විසින් තෝරාගෙන ඇත.

නිමාවූ ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදී සහ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ද අසේල ගුණරත්න කැපී පෙන දස්කම් දැක්විය.

තවද ඉන්දීය ප්‍රීමියර් ලිග් (IPL) තරගාවලියේදී ද අසේල ගුණරත්නව මුම්බායි ඉන්දියන් කණ්ඩායමට තෝරාගත් අතර, මේ නිසාවෙන්ම ඔහුව මෙවර බපල් සඳහා තෝරාගන්නට ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: