ආගමික පුජකවරයෙකු ලෙස වෙසක් සමුළුවට ගිය සැකකරු රිමාන්ඩ්

May 15, 2017 | 9:00 am    0   136

ආගමික පුජකවරයෙකු ලෙස වෙසක් සමුළුවට ගිය සැකකරු රිමාන්ඩ්

ජාත්‍යන්තර වෙසක් සමුළුව පැවැති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ආගමික පුජකවරයෙකු ලෙස අනවසරයෙන් ඇතුළු වු පුද්ගලයා මේ මස 19 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.
ආගමික පුජකවරයෙකු වෙසින් මෙසේ ඇතුළු වු තැනැත්තා නම් දෙකකින් පෙනි සිටින බවත් ඔහු බංගලාදේශයෙන් පිටුවහල් කළ අයෙකු බවටත් කරුණු අනාරවණය වි තිබේ.
ඉකුත් 12 වන දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට සැකකරු මෙසේ ඇතුළු වි ඇත්තේ ජාත්‍යන්තර වෙසක් සමුළුවටය.
ඔහුට එම සමුළුවට සහභාගි විමට අවසර පත්‍රයක් නොතිබු බවත් ඔහු වෙත තිබු අවසර පත්‍රයක් වෙනත් අයෙකුට අයත් එකක් බවටත් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මාලිගාවත්ත අල්ලාදාන් මෙහොමඩ් කල්මුල්ල බවට එම අවසර පත්‍රයේ සඳහන් වුවද විදේශ ගමන් බලපත්‍රයේ මෙහොමඩ් මහිසුර් කලිල් නම සඳහන් බවට පොලිසිය අධිකරණය වෙත දැන්විය.
සැකකරු සතුව අඟල් හයක කතුරක් තිබි සොයා ගත් අතර මොහු මුස්ලිම් පුජකවරයෙකු නොවන බවත් සැකකරු කුමන අපරාධයක් කිරිමට පැමිණියේ ද ? යන්න සම්බන්ධව විමර්ශන පවත්වන බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණය වෙත පැවසීය.
අදාළ කරුණු සළකා සැකකරු මේ මස 19 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: