ආණ්ඩුවේ පරිසර විනාශය ජවිපෙ හෙළි කරයි

May 11, 2017 | 8:50 am    0   237

ආණ්ඩුවේ පරිසර විනාශය ජවිපෙ හෙළි කරයි

ගෙවුණු දශක තුන හතරක කාලය ඇතුළතදී පැවති ආණ්ඩු විසින් කරන ලද අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵල අනිසි විපාක වශයෙන් ජනතා හිස මත කඩා වැටෙමින් තිඛෙන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ අවධානය යොමු කරන බව එම පක්ෂය පවසයි.

මීතොටමුල්ල, මීරියබැද්ද, කැලණි මිටියාවත ගංවතුර වැනි සිදුවීම්වලින් ඒ බව තහවුරු වී ඇති බව එම පක්ෂයේ පා. ම. නලින්ද ජයතිස්ස පැවසුවේ පෙරේදා(08) සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

“ජනතාව වැළලිලා මිය යමින් තිඛෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපි විශේෂ අවධානයක් යොමු කරලා තිඛෙනවා. මේ වන විට නැවතත් මොනරාගල, බදුල්ල ඉඩම් අක්කර දහස් ගණනක් කොම්පැණිවලට ලබා දීලා සිදු කරන පරිසර විනාශය පිළිබඳව රටේ අවධානය යොමුකරන්න අපි තීරණය කළා.” යැයි ඔහු පැවසීය.

මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මෙසේ පැවසීය.

“පහුගිය ආණ්ඩුව 2006 ගේන්න හදලා අසාර්ථක වුණු ව්‍යාපෘතියක් වර්තමාන ආණ්ඩුව ඌව වෙල්ලස්සේ බින්තැන්නට ගේන්න හදනවා. මේ වනවිට උක් වගාකරන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කැබිනට් අනුමැතිය අරගෙන කර්මාන්ත ශාලාවට මුල්ගල තියන්න යොදාගෙන තිඛෙනවා. 2006 දෙසැම්බර් මාසයේ මිල්රෝයි ප්‍රනාන්දු කැබිනට් අනුමැතියක් අරගෙන ඌව වෙල්ලස්ස ඉඩම් අක්කර 65,000ක් බි්‍රතාන්‍යයේ බූකර් ටේට් සමාගමට දෙන්න ගියා. මොනරාගල පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ආරම්භ කළෙත් මේ සමාගමයි. 2006 මෙම ඉඩම් ලබාදීමට එරෙහිව ජනතා විරෝධයක් පැන නැගුණා. 2006-2007 වකවානුවේදී බිබිල, මැදගම, මඩුල්ල, බඩල්කුඹුර, රිදීමාලියද්ද, මීගහකිවුල, ලූණුගල, කන්දකැටිය, පදියතලාව, මහඔය යන ප්‍රදේශවලින් ඉඩම් අක්කර 65,000ක් දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබුණා. එයට විශාල විරෝධයක් පැන නැගුණා. උගතුන්, බුද්ධිමතුන් මහජන පෙත්සම් අත්සන් කළා. ජවිපෙ අපි පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වුවා. එදා ධර්මදාස බණ්ඩා ඇමතිවරයා තමයි ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කළේ. එදා නැවතුණු ව්‍යාපෘතිය අද නැවතත් ඇවිත්.
මෙම ව්‍යාපෘතියේ ලංකාවේ නියෝජිතයා එදා වගේම අදත් අයි.එම්.එස්. හෝල්ඩින් සමාගමයි. නමුත් මේ ව්‍යපාෘතියේ බුකර් ටේට් සමාගම හංගන්න ආණ්ඩුව උත්සාහයක ඉන්නවා. මෙම ව්‍යාපෘතියෙන් උක් වගාවත් ගිනිසීරියා වගාවත් සහ කිරි ගම්මානත් යෝජනා කර තිඛෙනවා.  මුල් ව්‍යාපෘතියේ අක්කර 65,000 වෙනුවට දැන් අක්කර 62,500ක් යෝජනා කර තිඛෙනවා. තායිලන්තය, චීන වැනි සමාගම් ගැනත් කියවෙනවා. මුල් ව්‍යාපෘතියේ නිල්ගල රක‍ෂිතයෙන්, ගල්ඔය රක‍ෂිතයෙන්, මාදුරුඔය රක‍ෂිතයෙන් ඉඩම් ගන්න යෝජනා කර තිබුණා. දැන් ගල්ඔය, නිල්ගල අත්හැරලා මාදුරුඔය රක‍ෂිතයෙන් ඉඩම් ගන්න යනවා.
එදා ජනතා උද්ඝෝෂණ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුවුණා. මේ ගැන සමීක‍ෂණ කරන්න කමිටු පත්කළා. 2006 මාර්තු මාසයේ ෙක‍ෂ්ත්‍ර නිරීක‍ෂයක් කළා. එම නිරීක‍ෂණයට අනුව අයි.එම්.එස්. හෝල්ඩින් සමාගම ඉල්ලලා තිබුණු නිල්ගල, ගල්ඔය සහ මාදුරුඔය රක‍ෂිතයෙන් ඉඩම් ලබාදීම ප්‍රතිෙක‍ෂ්ප කරලා තිබුණා. ගල්ඔය ඖෂධ සම්පත් සහ සවානා තෘණ භූමියකින් සමන්විත වූ නිසාත් ගල්ඔය රක‍ෂිතය තැනිතලා භූමියක් සහ ඉඟනියාගල ජල පෝෂක ප්‍රදේශයක් වීම නිසාත් ගල්ඔය පෝෂණය කරන මීගල මහවෙල, වලහතැන්නකඳුර සීතලකඳුර, දහමල්ඔය. වැනි ජල ධාරා නිසාත් ඉඩම් ලබාදීම ප්‍රතිෙක‍ෂ්ප කළා. මාදුරුඔයේ ජල පෝෂක ප්‍රදේශයක් බැවින් සහ ස්වභාවික වන ආවරණයක් නිසාත් මාදුරුඔය රක‍ෂිතයෙන් ඉඩම් ලබාදීම ප්‍රතිෙක‍ෂ්ප කළා. මාදුරුඔය රක‍ෂිතයෙන් එදා ලබාදීමට යෝජනා වූ ඉඩම් අක්කර 373ක ප්‍රදේශයක් දැන් ගෙනත් තිඛෙන ව්‍යාපෘතියේ අඩංගු වෙනවා. කර්මාන්ත ශාලාව හදන්න යෝජනා කරලා තිඛෙන්නේ එම ප්‍රදේශයේයි. වන රක‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ප්‍රදේශය දෙන්න බැහැ කිව්වා. නමුත් මේ ආණ්ඩුව වෙන වෙන වාර්තා හදලා ඉඩම් ටික බදු දෙන්න යනවා. මීට කලින් ඇමරිකානු ඩෝල් සමාගමට ලබාදුන් ඉඩම්වලින් කිසිදු බදු මුදලක් මේ වනතෙක් අයකරගෙන නැහැ. එසේ තිබියදී තමයි මේ විදිහට ඉඩම් විදේශ සමාගම්වලට ලබාදෙන්න යන්නේ.
ඒ විතරක් නෙවෙයි මෙම ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වටිනාකමත් තිඛෙන පුරාවස්තු තිඛෙනවා. නිල්ගල, දඹාන වැනි ප්‍රදේශවල අපේ පැරණි මුතුන්මිත්තන් ජීවත් වූ නිසා ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් තිඛෙනවා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු වුණේ ඌව වෙල්ලස්ස කැරැල්ලෙන්. එසේ තිබියදී ඌව වෙල්ලස්සේ ඉඩම් අද බි්‍රතාන්‍ය කොම්පැනිවලටම ලබාදෙන්න යනවා. එම ප්‍රදේශයේ කටාරම් සහිත ලෙන්, ස්වභාවික ලෙන් පැරණි ගොඩනැගිලි අවශේෂ, ස්ථූප ගොඩනැගිලි, පැරණි වැව් පිහිටි ස්ථාන, පැරණි සොහොන් කොටස් සහ පැරණි ගල්බැමි යන පුරා විද්‍යාත්මකව හඳුනාගත් ස්ථාන රැසක් තිඛෙනවා. මේවා පිළිබඳව සියුම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කරනවා වෙනුවට මෙම ප්‍රදේශ ඩෝසර් කරලා කර්මාන්ත ශාලාවක් හදන්න ඉඩ දීලා තිඛෙනවා. ජූනි 05 වැනිදා පරිසර දිනය දවසේ අපේ රටේ පරිසර ඇමති වන මෛතී්‍රපාල ජනාධිපතිවරයා පරිසරයම විනාශ කරන ව්‍යාපෘතියකට මුල්ගල තියන්න යනවා. ඒක සමහර විට තවත් ලෝක වාර්තාවක් වේවි. අපි කියනවා ජනාධිපතිතුමාට මේ පරිසර විනාශකාරි ව්‍යාපෘතියට මුල්ගල තියන්න එන්න එපා කියලා.
ආණ්ඩුව මේ කොම්පැනිවලට ඉඩම් දෙන්න යන්නේ හංගලා. ආණ්ඩුව කියන්නේ ගොවියන්ට කැමති නම් උක් වගා කරන්න පුළුවන් කියලා. මීට කලින් පැල්වත්තේ, සෙවනගල, හිඟ=රාන, කන්තලේ උක් වගා කෙරුවේ ආණ්ඩුවේ ඉඩම්වලයි. ගොවියන්ගේ් පෞද්ගලික ඉඩම් උක් වගාකරන්න දුන්නේ නැහැ. ව්‍යාපෘති වාර්තාවට අනුව මෙම සම්පූර්ණ ව්‍යාපෘතියට රු. කෝටි 2800ක් වෙන්කර තිඛෙනවා. පිටරට සමාගම් මේ තරම් මුදලක් යොදලා පාඩු ලබන්න කර්මාන්ත ශාලා හදන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමේ අරමුණින් ගොවියන්ට ඉඩම් ඛෙදා දීමත් යෝජනා කරනවා. ඒ කියන්නේ ආණ්ඩුව කෙහෙන් හෝ ඉඩම් ලබාගන්නවා කියන එකයි. එක ගොවියෙක් සඳහා හෙක්ටයාර දෙක හමාරක ඉඩම් කැබැල්ලක් ලබාදෙන්න නියමිතයි. මහඔය, පදියතලාව, බදුල්ල,  රිදීමාලියද්ද, මහියංගනය, ලූණුගල, මොනරාගල, බිබිල, මඩගල්ල යන ප්‍රදේශවලින් ඉඩම් ලබාගන්න ආණ්ඩුව සැලසුම් කර තිඛෙනවා. මෙම ව්‍යාපෘතියේ ඉලක්කය ගොවි පවුල් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක්. ඒ අනුව හෙක්ටයාර් 25,000ක (අක්කර 62,500) මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාගන්න නියමිතයි. ගොවියන්ට ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ මෙම ඉඩම් කැබැල්ලේ හෙක්ටයාර 2ක ප්‍රමාණයේ අනිවාර්යයෙන් උක් වගා කිරීමයි. අපේ රටේ ගොවි ජනතාව කොම්පැනියක කුලී කම්කරුවන් කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ. 80 දශකයේ පැල්වත්ත, සෙවනගල, හිඟ=රාන ප්‍රදේශවල කරපු දේම අදත් කරන්න හදනවා. කොන්දේසිවලට යටත් නැති ගොවි ජනතාව ඉඩමෙන් එලවලා දානවා.
අපි මේ සමාගමට එදත් කිව්වා, උක් වගා කරන්න ඕන නම් කන්තලේට යන්න කියලා. කන්තලේ ජලාශයෙන් උක් වගා කරන්න වතුර දෙනවා. ඕන තරම් පහසුකම් තිඛෙනවා. සේනානායක සමුද්‍රයෙන් වතුර දෙන හිඟ=රානට යන්න කිව්වා. උඩවලව ජලාශයෙන් වතුර දෙන සෙවනගලට යන්න කිව්වා. නමුත් ඒ සමාගම් එම ප්‍රදේශවලට යන්නේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය රක‍ෂිත ඉඩම් අල්ලා ගැනීමයි. එම ප්‍රදේශවල උක් වගා කරන්න වතුර නැහැ. නළ ලිං ගහලා තමයි වතුර ගන්න හදන්නේ. එම ව්‍යාපෘතියට දිනකට වතුර ලීටර් 2,980,000ක් ඕන වෙනවා. නළ ලිං ගහලා වතුර ගත්තාම මාදුරුඔය ඉහත්තෑවට මොකද වෙන්නේ? පහුිගය කාලයේ ගෙනාපු උක් වගා කිරීමේ ව්‍යාපෘති නිසා මේ වනකොට තණමල්විලට, බුත්තලට, බොන්නවත් වතුර නැතිවෙලා. දැන් මේ ප්‍රදේශවලටත් උක් ව්‍යාපෘති ගෙනල්ලා ජනතාවට බොන්න තියෙන වතුර ටිකවත් නැති කරන්නයි මේ ආණ්ඩුව හදන්නේ. උක් වගාව කොම්පැනිවලට, ආණ්ඩුවේ පාලකයින්ට පැණි රස වුණාට ජනතාවට තිත්තයි.
උක්ගහ කියන්නේ පොළොවේ තියෙන වතුර ටික උරලා සීනි හදන ගහක්. එයින් විශාල පරිසර හානියක් සිදුවෙනවා. දැනට ලංකාවේ ඉඩම් අක්කර 40,000ක ප්‍රමාණවක්වත් උක් වගාවට යට කර නැහැ. එසේ තිබියදී තවත් අක්කර 62,500ක අලූතින් උක් වගා කරන්න හදනවා. මේ ප්‍රදේශයේ උක් වගාව සඳහා නළ ලිං 30,000ක් පමණ අවශ්‍ය වෙනවා. මේ නිසා වාරි කර්මාන්තවලට ඉදිරියේදී විශාල බලපෑමක් එල්ල වෙනවා. මේ ප්‍රදේශවල හේන්, කුඹුරු, ගෙවතු වගාකරන ගොවීන්ගේ ශ්‍රමය සූරාකන්නයි මේ කොම්පැනි බලාගෙන ඉන්නේ. බහුජාතික සමාගම්වලට අපේ රටේ ජනතාව බිලි දිය යුතු නැහැ. ආණ්ඩුව කියනවා මේ ව්‍යාපෘතියෙන් විශාල ලාභයක් රටට එනවා කියලා. ඒක බොරුවක්. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් වාර්ෂිකව උක් ලබාගත හැක්කේ ටොන් 65යි. හෙක්ටයාර් දෙකකට ටොන් 130යි. උක් ටොන් එකක් සාමාන්‍ය මිල රු. 5000යි. වගාව නෙළිය හැක්කේ වසරකට එක්් වරක් පමණයි. හෙක්ටයාර් දෙකක උක් වගාව සඳහා ගොවීන් 07 දෙනෙකුගේ ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඒ අනුව එක ගොවියෙකුගේ දිනක ආදායම වන්නේ රු. 254යි. උක් ටොන් 130 සඳහා රු. 5000 ගණනේ වාර්ෂික ආදායම දින 365න් ඛෙදා, 7න් ඛෙදු විට එක් ගොවියෙකුගේ දිනක ආදායම ලැඛෙනවා. මේකද මේ ආණ්ඩුව කියන සංවර්ධනය?
අපේ රටේ තිඛෙන්නේ කුඩා භූමි ප්‍රමාණයක්. එම භූමිය කළමනාකරණය කරලා අඩු පරිසර හානියකින් වැඩි ලාභයක් ලබාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුව තිඛෙනවා. සංවර්ධනය පරිසර මිතුරු සහ පරිසර සතුරු ලෙස වර්ග කොට තිඛෙනවා. අපේ රටේ පාලකයෝ යෝජනා කරන්නෙම පරිසර සතුරු සංවර්ධනයයි. නමුත් ඒ සංවර්ධනය පාලකයින්ට මිතුරුයි. උමාඔය ව්‍යාපෘතිය, කොළඹට ගේන මෙගා ව්‍යාපෘති පරිසර සතුරු සංවර්ධනයයි. පරිසරය විනාශ කරලා දිනක ආදායම ඩොලර් 02ටත් අඩු ආදයමක් ගේන ව්‍යාපෘති තමයි ආණ්ඩුව යෝජනා කරන්නේ. නමුත් අගමැතිවරයාම කියනවා අපේ රටේ ජනතාවගෙන් 48%ගේම දිනක ආදායම ඩොලර් 02ට අඩුයි කියලා.
ඒ විතරක් නෙවෙයි, අපේ රටේ අලි මිනිස් ගැටුම එන්න එන්නම වැඩියි. මේකට හේතුව අලින්ගේ වාසභූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීමයි. පාලකයින් කොයි තරම් අලි වැටවල් ගැහුවත් මේකට විසඳුමක් නැහැ. පැල්වත්ත, හිඟ=රාන, කන්තලේ අලි ගහලා මිනිස්සු මැරෙනවා. මේ ප්‍රදේශවලට අලි එන්නේ උක් වගාව නිසයි. බුත්තල, වැල්ලවාය, තණමල්විල මිනිස් ජීවිත අහිමි වෙන්නේ උක් පැණි රසට වල් අලි ඇදී එන නිසයි. ආණ්ඩුව දැන් උක් වගා කරන්න යෝජනා කරන ඇකිරියන්කුඹුර ප්‍රදේශයත් අලි කොරිඩෝ එකක් ලෙසයි හඳුනාගෙන තිඛෙන්නේ. ඒ ප්‍රදේශයේ උක් කර්මාන්ත ශාලාවක් දානවා කියන්නේ අනෙක් ප්‍රදේශවල අලි මාදුරුඔය ප්‍රදේශයටත් එනවා කියන එකයි. ඉදිරියේදී එම ප්‍රදේශවල ජනතාවටත් වල් අලි ප්‍රශ්නය එන්න නියමිතයි.
අද මේ ව්‍යාපෘතිය ගේනන මැදිහත්වෙලා ඉන්න ලක‍ෂ්මන් සෙනෙවිරත්න එදා මහින්ද රාජපක‍ෂ ගේනකොට විරුද්ධ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිත් එදා මේකට එරෙහිව සටන් කළා. එදා එම ව්‍යාපෘතියට එරෙහිව ලක‍ෂ්මන් සෙනෙවිරත්න කරපු කතාව හැන්සාඩ් එකේ තියෙනවා. එදා විරුද්ධව සටන් කරපු ලක‍ෂ්මන් සෙනෙවිරත්න අද මේ ව්‍යාපෘතිය ගේන්නේ ඇයි? අපි මේ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් දාලා තියෙනවා. අපි ඒකෙදී අහනවා එදා නුසුදුසු එක අද සුදුසු වෙන්නේ කොහොමද කියලා. ලක‍ෂ්මන් සෙනෙවිරත්නට කුට්ටියක් ලැබුණද? අපි එදා ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ සංවිධානයක් ගොඩනැගුවා. අදටත් ඒ සංවිධානය තිඛෙනවා. ඒ සංවිධානය නැවතත් සටනක් ආරම්භ කරනවා. එදා මේ රටේ ජනතාව අත්සන් දෙලක‍ෂයක් මෙම ව්‍යාපෘතියට එරෙහිව එකතු කළා. එවැනි ජනතා විරෝධයක් තිබියදී මේ ව්‍යාපෘතිය ගෙන්න හදන්නේ ඇයි? අපි මීට අවුරුදු 10කට කලින් පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධව කතා කළා. සම්මන්ත්‍රණ තිබ්බා. උද්ඝෝෂණ කළා. පෙත්සම්  අත්සන් කළා. පොත් ගැහුවා. දැන් අවුරුදු 10කට පස්සෙත් නැවතත් ඒවා එළියට ගන්න සිදුවෙලා තිඛෙනවා. අපි මේ ව්‍යාපෘතිය ගේන්න ඉඩ දෙන්නේ නැහැ ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් ගොඩනගනවා.
හැමදාම අපිට කියන දෙයක් තමයි ෙජ්.වී.පී. එක හැම දේටම විරුද්ධ වෙනවා, විකල්පයක් යෝජනා කරන්නේ නැහැ කියලා. මේ උක් ව්‍යාපෘතිය වෙනුවට ඕන තරම් විකල්ප තිඛෙනවා. බිබිල දොඩම්වලට ප්‍රසිද්ධයි. දැන් දොඩම් වගාව විනාශ වෙලා ගිහින්. එම ප්‍රදේශවල ගම්වලට නම් තිඛෙන්නේ දෙහිගම, දොඩම්ගල්ල, දොඩම්වත්ත වැනි ඇඹුල් සහිත නම්. එම ප්‍රදේශවල දෙහි, දොඩම්, නාරං, අන්නාසි, පැපොල්, රඹුටන්, වැනි වගාවන් ආරම්භ කළ හැකියි. කළු ගම්මිරිස් කිලෝවක් රු. 1500යි. සුදු ගම්මිරිස් වගා කරලා අපනයන කරන්න පුළුවන් නම් කිලෝ එක රු 8000ට දෙන්න පුළුවන්. කුරුඳු, රබර් වගා කරන්න පුළුවන්. එම කිසිම වගාවක් පරිසරයට, සතුන්ට අහිතකර වෙන්නේ නැහැ. මේ වගාවන්වලින් ගොවියන්ට විශාල ලාභ ගන්න පුළුවන්. හැබැයි පාලකයින්ට ලාභ ගන්න බැරි නිසා කොම්පැනිවලට ඉඩම් දෙන්න යනවා. පාලකයින්ට ඩොලර්, යුරෝ එන්නේ කොම්පැනිවලට උදව් කළාම.
මේ ආණ්ඩු පහුගිය කාලේ මුං ඇට, රට මෑ, කව්පි, අත්තික්කා, දොඩම්, ලංකාවට ආනයනය කළා. ජමනාරං, සියඹලා, මිරිස් පවා අපේ රටට ආනයනය කළා. මේවා වෙනුවෙන් රු. කෝටි ගණන් වියදම් කරලා තිඛෙනවා. මේවා ලංකාවේ වගා කළොත් ගොවියන්ට විශාල ලාභයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි පසුගියදා මේ ප්‍රදේශවල ජනතාව රැස් කරලා මෙම ව්‍යාපෘතිය ගැන දැනුවත් කළා. නැවතත් අපි ප්‍රබල සංවිධානයක් ගොඩනගනවා. ඌව වෙල්ලස්සේ එක් බිම් අඟලක්වත් කොම්පැනිවලට දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ගැන ලක‍ෂ්මන් සෙනෙවිරත්නට ජනතාව හූ කියලා පැන්නුවා. මේවා ජනතාවට අයිති සම්පත්. ඒ සම්පත් බහුජාතික සමාගම්වලට දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: