ආනන්ද වෙඩිසිංහ අභියෝගතා ශුරතාවය ඉමල් මංචනායකට

August 29, 2017 | 3:17 pm    0   686

ආනන්ද වෙඩිසිංහ අභියෝගතා ශුරතාවය ඉමල් මංචනායකට
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී “ආනන්ද වෙඩිසිංහ අභියෝගතා කුසලානය” දිනාගැනිමට සුපර් මෝටාඩ් ධාවන ශූර ඉමල් මංචනායක සමත් වුණු අතර, සමස්ථ තරඟාවලියේ මෝටර් රථ අංශයේ ශූරයා ලෙස අශාන් සිල්වා ද , යතුරුපැදි අංශයේ ශූරයා ලෙස ජෑක්ස් ගුණවර්ධන තේරී පත්විය.

මෙම තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්විණි.

මීට මාස කිහිපයකට පෙර දැයෙන් සමුගත් ශ්‍රී ලංකාවේ යතුරු පැදි ධාවන පථය දික්විජය කළ ආනන්ද වෙඩිසිංහ මහතාට උපහාර වශයෙන් සහ  ඔහු ශ්‍රී ලංකා පාපැදි ධාවන ක්ෂේත්‍රය වෙනුවෙන්, ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කළ සේවය ඇගයීම සඳහා ගජබා සුපර් ක්‍රොස් 2017 තරගාවලියේ දී පළමු වරට “ආනන්ද වෙඩිසිංහ අභියෝගතා කුසලානය” නමින් ‘Group M Supermotard’ තරග අංශයේ සමස්ත ජයග්‍රාහකයා හට කුසලානයක් පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් යුධ හමුදාවේ චාගි ගාල්ලගේ , ජගත් ඩයස් , ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු  සහභාගි වූහ..
ඡායාරූප – කසුන් ප්‍රනාන්දු 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: