ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප 2017 පෙබරවාරි මස සිට

November 28, 2016 | 2:27 pm    0   767

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප 2017 පෙබරවාරි මස සිට

ආබාධිත රණවිරුවන්ගේ සේවා විශ්‍රාම වැටුප් 2017 වසරේ පෙබරවාරි මාසයේ සිට පොරොන්දු වූ පරිදි ගෙවන බවත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු වන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ආරක්ෂක ලේඛම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළා.

තව දුරටත් ඔහු පවසා සිටියේ සේවා විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබුණද ඊට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා ඒ පිළිබද යළි සැකයක් මතුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: