ආලෝකෝ උදපාදී දින 50 සපුරයි – හිටපු ජනාධිපතිට විශේෂ දර්ශනයක්

March 17, 2017 | 3:57 pm    0   369

ආලෝකෝ උදපාදී දින 50 සපුරයි – හිටපු ජනාධිපතිට විශේෂ දර්ශනයක්

මේ වන විට අති සාර්ථකව තිරගතවන ආලෝකෝ උදපාදී චිත්‍රපටය තිරගතවී දින 50 සම්පුර්ණ වීම නිමිත්තෙන් විශේෂ දර්ශනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආරාධිතයින් පිරිසක් වෙත සැවෝයි සිනමා ශාලාවේදී පසුගියදා පෙන්වීමට කටයුතු කර යොදා තිබිණි. මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, මහාචාර්ය ගී. එල්. පීරිස්. පවිත්‍ර වන්නිආරච්චි, ඒ.එම්. අස්වර්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, බස්නාහිර පලාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය යන මහත්ම මහත්මීන් හා ප්‍රභූන් විශාලපිරිසක් සමඟින් චිත්‍රපටයේ නිෂ්පාදක – අධ්‍යක්ෂක ඇතුළු ප්‍රධාන කාර්මික ශිල්පීන් රැසක් සහභාගී වී සිටියහ

මේ මස 18 වෙනි දින සිට ඕස්ට්‍රේලියාවේ සිනමා ශාලාවල ආලෝකෝ උදපාදී තිරගත වීම ආරම්භ වන අතර ඉදිරියේදී රටවල් විශාල ප්‍රමාණයක චිත්‍රපටය තිරගත කිරීමට සියලුම සැලසුම් සූදානම් කර ඇත. එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදක තුසිත විජේසේන මහතා ඇතුළු තවත් පිරිසක් මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටී.

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: