ආසියාවේ වයෝවෘද සීග්‍රතාවය වැඩිම රට ලංකාව

January 16, 2017 | 10:33 am    0   542

ආසියාවේ වයෝවෘද සීග්‍රතාවය වැඩිම රට ලංකාව

ආසියානු කලාපය ගත් කළ ශීඝ‍්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ‍්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා.

මේ සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි ආබාධිත සඳහා වූ අයවලුන්ගේ අංශයේ ප්‍රදානී වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා කියා සිටියේ“ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්‍රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා.

ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යන්නය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප‍්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක‍්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක් බවද සඳහන් වෙනවා.

 

අන්තර්ජාලය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: