ඇමති අර්ජුන වරාය වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට නඩු පවරයි

July 25, 2017 | 8:19 am    0   124

ඇමති අර්ජුන වරාය වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට නඩු පවරයි

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙකු ලෙස පෙනී සිටින දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත. ඒ ඇමතිවරයාගේ කීර්තිනාමයට හානි කිරීම සම්බන්දයෙනි.

මෙලෙස නඩු පවර ඇත්තේ ප්‍රසන්න කළුතරගේ සහ ලාල් බන්ගමුව යන අයටය.

කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 1700/DMR/2017, 1701/DMR/2017 සහ 1702/DMR/2017 යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

මහජනතාව නොමඟ යන අයුරින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් තම කීර්ති නාමයට හානි කර ඇති බවත් ඊට වන්දි ලෙස තනි තනිවම රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවිය යුතු බවත් මෙම නඩුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: