ඇමති දිගම්බරන්ගේ උත්සවයේදී සිරස මයික්‍රෆෝනය ඉවත් කල හේතුව මෙන්න

August 2, 2017 | 11:38 am    0   657

ඇමති දිගම්බරන්ගේ උත්සවයේදී සිරස මයික්‍රෆෝනය ඉවත් කල හේතුව මෙන්න
දිගින් දිගටම සිරස මාධ්‍ය තමන් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර දියත් කරමින් සිටින බැවින් පසුගියදා හැටන්හි දී පැවැති උත්සවයේදී සිරස මයික්‍රෆෝනය ඉවත් කළ බව ඇමති පලනි තිගාම්බරම් මහතා සඳහන් කළේය.
ඔහු ඒ බව සඳහන් කලේ කොල්ලුපිටියේ පිහිටි දිගම්බරන් මහතාගේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (01) පැවතී පුවත්පත් සාකච්චාවකදීය.
එහිදී ඔහු කියා සිටියේ සිරස මාධ්‍යජාලයේ සේවය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ.සී රංගා තමන්ට සහ තම පවුලේ උදවියට මෙලෙස මඩ ප්‍රහාර එල්ල කරන බවයි.
 
තමන් කඳුරට අමාත්‍යාංශය භාරගත් පසු වැවිලි ප්‍රජාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒවායේ අඩුපාඩු මාධ්‍ය මඟින් පෙන්වාදීම තමා වරදක් ලෙස නොදකින බවයි.
 
නමත් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කිරීම සදාචාර සම්පන්න නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
 
මාධ්‍ය නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය තමන් පිළිගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ජේ සී රංගා ඇතුළු සිරස මාධ්‍යජාලය සිය මාධ්‍ය නිදහස අයුතු ලෙස භාවිත කරන බවයි. 
 
තමා කිසිදිනෙක දූෂණ වංචාවලට සම්බන්ධ වී නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: