ඇමති විජේදාසගේ ඇමතිධුර හැලේ

ඇමති විජේදාස රාජපක්ෂ මහතා දරන සියලුම ඇමතිධුරවලින් ඔහුව ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත එම පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (22) නිකුත් කල මාධ්‍ය නිවේදනයක සඳහන් වුයේ රාජපක්ෂ මහතා දරන සියලුම ඇමතිධුර වලින් ඔහුව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

ඒ අනුව ජනාධිපතිවර විසින් අද (23) ඒ සඳහා සිය අනුමැතිය ලබද දී ඇත.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 5 =