ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

September 22, 2017 | 11:34 am    0   74

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සමාජීය සහ ආර්ථීක වශයෙන් ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ශැනන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ඉතා යහපත් මෙන්ම අයහපත් තත්වයන්ට මුහුණදීමට ද සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දී ඇත.

එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය තුළ ඉතා හො විදේශ ප්‍රතිපත්තියක් පවතින බවත් ගැටළු ඇති නොවන පරිදි සියලූ මිත්‍ර රාජ්‍යයන් සමගයහපත් සබඳතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

ලබන නොවැම්බර් මාසයේ දී තමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවද අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: