ඇඹිලිපිටිය ඩිපෝවේ බස් රථ වර්ජනයක්

June 26, 2017 | 12:36 pm    0   134

ඇඹිලිපිටිය ඩිපෝවේ බස් රථ වර්ජනයක්

ඇඹිලිපිටිය ඩිපෝවේ සියලුම බස් රථ මගී ප්‍රවාහන කටයුතු වලින් ඉවත් කර ඇති අතර, එම ඩිපෝවේ සියලුම රියදුරන් සහ කොන්දොස්තරවරුන් මේ වන විට වර්ජනයක නිරත වේ.

ඒ ඇඹිලිපිටිය ඩිපෝවේ සේවය කල බස් රථ රියදුරෙකුට පුද්ගලික බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු කල පහරදීමකට විරෝධය පළකිරීමක් වශයෙනි.

මෙම ගැටලුවට හේතු වී ඇත්තේ ඒකාබද්ධ කාලසටහන සම්බන්ධ ගැටළුවක් බව ද සඳහන් වේ.

එලෙස පහර කෑමට ලක්වූ රියැදුරා මේ වනවිට ඇඹිලිපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මේ වනවිටත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: