ඇස් පිල්ලම යට

March 1, 2017 | 12:30 pm    0   499

ඇස් පිල්ලම යට

ඔබ විනෝදෙට කාට හරි “ඇස් ගහල“ තියෙනවාද..?? ඒ නැතත් ඇසි පිය හෙලනවා නේද ?? දන්නවාද අප දිනකට 21,500 -25,500 අතර වරක් ඇසිපිය හෙලන බව.තත්පර 4 කට වරක් බැගින් අප විනාඩියට 15 වරක් පමණ ඇසිපිය හෙලනවා.එය වසරකට මිලියන 8 ක් පමණද වනවා.අප අවදිවී සිටින වේලාවෙන් 10% ක් පමණද අපගේ මුලු ජීවිත කාලයෙන් අවුරුදු 3ක් පමණද අප ඇසි පිය හෙළීම නිසා ඇස් වසාගෙන සිටිනවා (නිදාගන්නා වේලාව නොමැතිව).

ඇසි පිය හෙලනා විට එහි වේගය පිළිඹදව ඔබ පුදුම වනු ඇත.ඇස සම්පූරණයෙන් වැසී නැවත විවර වීමට ගතවන්නේ තත්පරයෙන් දහයෙන් එකක් හෝ දෙකක් පමණි.ඇසි පිය හෙළීම සිදුවන්නේ අප නොදැනුවත්වමයි.ඇස කරා පැමිණෙන වස්තුවක් නිසා ඉබේටම ඔබගේ දෑස් පියවෙනු ඇත.මෙම ඇසි පිය ක්‍රියා කරන්නේ ඇසේ වියළි බව හා ඇස විඩාවට පත්වීම වලක්වා තබාගැනීමටයි.නිරෝගී ඇසක් එක් වරක් වැසී විවර වීමකදී අක්ෂි ගෝලයේ වියළි බව නැතිවී නැවත තෙතමනයට ලක්වේ.

නොයෙකුත් විලාසිතා වලදී ඇස් පිල්ලමට සවි කරන විවිධ කෘතිම පිල්ලම් නිසා ඇසි පිය හෙළීමේ වේගය පහත වැටේ.තවද දුම් බොන්නන්ගේ ඇස් පිල්ලම් ගැසීමේ සීඝ්‍රතාවයද වෙනස් වේ.ඊට අමතරව පරිගණක ක්ෂ්‍රේත්‍රෙය් දීර්ඝ කාලීනව රැකියාවන්හි නියැලෙන අයගේද ඇසි පිය හෙලීමේ වාර ගණන අඩුවිය හැකි අතර ඇස් වියළිව දෘශ්ඨි දෝෂ ඇතිවිය හැක.බොහෝ ජලය පානය , අවශ්‍ය තරම් නින්ද , දුම්පානයෙන් වැලකීම . පරිගණක ක්‍රියාකාරීත්වයේදී පැය බාගයනට වරක් විනාඩියක් පමණක්වත් ඇස වසාගෙන සිටීම බොහෝ වැදගත් වේ.

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: