ඉංග්‍රීසීන් තහනම් කළ අංගම් පොරයට පණ දෙන්නැයි ජනපතිට ලියුමක්

April 6, 2017 | 9:00 am    0   136

ඉංග්‍රීසීන් තහනම් කළ අංගම් පොරයට පණ දෙන්නැයි ජනපතිට ලියුමක්

යටත් විජිත යුගයේ ඉංශ්‍රීසි ආණ්ඩුව විසින් හෙළ අංගම් සටන් කලාව තහනම් කළ ගැසට් පත්‍රය අවලංගු කල යුතු බව හෙළ බොදු සවිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
‘1815දී උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිංහලය අයත්වීමෙන් පසු අංගම් සටන් ශිල්පය ඉංග්‍රීසි පාලනය විසින් තහනම් කෙරිණි. එවැනි ශිල්ප පුහුණු කළහොත් මරණීය දණ්ඩනය පමුණුවන නියෝගද පනවන ලදී. අංගම් මඩු ඉංග්‍රීසීන් ගිනිබත් කරන ලදී. එම නිසා අංගම් ශිල්පය රහසිගතව පරම්පරාවට පමණක් ලබාදෙන ලදී.
‘ වර්ෂ 1818 ඔත්තෝබර් 05දින එංගලන්ත යටත් විජිත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් මෙම සටන් කලාව තහනමට ලක් කරන විට මෙම කලාව මහනුවර යුගයේ පැවැති බව පැවසේ. පසුව අංගම් කලාව සාපරාධී රස්තියාදුකාර පහත් ක්‍රියාවක් ලෙස හැදින්විය. පුහුණු වුවහොත් දණ හිසින් පහළට වෙඩි තැබීමට අණ කෙරිණ. මෙම අංගම් සටන් කලාව වත්මන් තරුණ පරපුර ප්‍රගුණ කරති.‘ යනුවෙන්ද එහි සදහන් වේ.
එහෙයින් අංගම් සටන් කලාව තහනම් කළ ගැසට් නිවේදනය ඉවත්කර අංගම් කලාවට නව ජීවියක් ලබාදෙන ලෙස හෙළ බොදු සවියේ සභාපති බුදුගල ජිනවංශ හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ දැක්වේ.එහි පිටපත් අධ්‍යාපන ඇමැතිවරයාට සහ ක්‍රීඩා ඇමැතිවරයාටද යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: