ඉටිපන්දම් 11 එක්ක පැතිරුණු මනුසත් බවේ සුවඳ

December 21, 2016 | 11:37 am    0   668

ඉටිපන්දම් 11 එක්ක පැතිරුණු මනුසත් බවේ සුවඳ

පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී වෑන්රථයක් හා බස් රථයක් ගැටී සිදූවූ අනතුරෙන් හොරණ ප්‍රදේශයේ එකම පවුලේ 11 දෙනෙකු මියගිය පුවත ඔබට මතක ඇති. ඒ සිදුවීමට ශෝකය ප්‍රකාශ කරන දෙමල වැසියන් මේ ආකාරයෙන් ඉටිපන්දම් දල්වා තිබුනා. විවිධ පාලකයන්ගේ සහ බලපෑම් මත බෙදී වෙන් වී සිටියත් මිනිස් ජීවිත වෙනුවෙන් ඔවුන්ගේ සහ අපගේ හැඟීම් එක හා සමාන බව ඔවුන් පසක් කළා.

ඇට මස් නහර බැඳි මනුසත් පරපුරක
බැඳුමට රැඳුනු විට ලේ රත්වුනු පපුව
මහ මඟ නැසුනු බව දත් සිංහල පවුල
කවුරුද අතැර ගිය මහමඟ වූ දමිළ

එක පිට එකා දිවියෙන් තොර වී වැටුන
එකිනෙක රැගෙන දුන් විට සෙළවුනි පපුව
අල්ලාගන්න බස්රිය බැරිවිය සැරට
පුදුමයි රැඳුනු බව මනුසත්කම යසට

කඳුළක් පැන්න බව දත් සිංහල පපුවේ
දෙමළින් වුවත් ගැලුවා ලුණු රස කඳුළේ
දැල්වූ පහන් දැල්වී ඇති බව උතුරේ
කුමටද වෙනස ජාතිය බඳිමින් පවුරේ

කවි සංකල්පනාව – හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: