ඉඩම් ආරවුල විසඳාගන්න ප්‍රාදේශීය ලේකම්ගේ බෙල්ලන් අල්ලලා

April 11, 2017 | 11:00 am    0   219

ඉඩම් ආරවුල විසඳාගන්න ප්‍රාදේශීය ලේකම්ගේ බෙල්ලන් අල්ලලා

වෙරුගල් ප්‍රාදේශීය ලේකම් වරයාගේ බෙල්ලෙන් අල්ලා පහරදීමට තැත්කල බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයා 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මූත්තූර් මහේස්ත්‍රාත් අයි. මුසාරිස් මහතා නියෝග කළේය.
රිමාණ්ඩ් කරන ලද්දේ සේරුනුවර පොළිස් බල ප්‍රදේශයේ පූනනගර් පදිංචි ගුණානන්දන් රමේෂ් (29) නමැත්තෙකි.
ඉකුත් 7 දා ඉඩම් ආරවුලක් විසඳා ගැනීම සඳහා තමන් හමුවීමට පැමිණි සාකකරු එම අවස්ථාවේ මුණ ගැසීමට නොහැකි බව පැවසීමෙන් පසු තමන්ට පහරදීමට තැත් කල බවට වෙරුගල් ප්‍රා.ලේකම් එම්.එම්.දයාබරන් මහතා විසින් සේරුනුවර පොළිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවය ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් පූනනගර්හි පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සේරුනුවර පොළිසිය සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: