ඉණිම් දෙකේදීම ශතක රැස් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා….

March 15, 2017 | 4:00 pm    0   478

ඉණිම් දෙකේදීම ශතක රැස් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා….

1982 වසරේ ශ‍්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වනු ලබන්නේ 1982 වසරේ හිරු නොබසිනා රාජ්‍යයත් සමඟිනි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හිනි පෙත්තටම තරණය කොට ඇති ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට ලෝකයේ කාගේත් කතාබහට ලක්වන කණ්ඩායම බවට පත් වී ඇත. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී මාස ගණනාවක් යාමට මත්තෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන්, ටෙස්ට් තරගයකදී ඉණිම් දෙක තුළදීම ශතක රැුස් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා බවට පත්වීමට දුලිප් මෙන්ඩිස්ට හැකියාව ලැබුණි.
1980 වසර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වසරක් විය. එනම් මංගල තරගයට සහභාගි වීමත්, ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පා තැබීමත් හේතුවෙන් සුවහසක් ක‍්‍රිකට් ලෝලීන්ගේ ඒකායන බලාපොරොත්තුවක් ඉටු වූ වසරක් යැයි කිව හැකිය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක් සඳහා සහභාගි වනු ලබන්නේ මෙවව් අවදියකය. මෙම තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මංගල ටෙස්ට් තරගය ලෙස ඉතිහාසගත වෙද්දී, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නොමැකෙන මතකයක වාර්තාවක් ශ‍්‍රී ලාංකිකයන් සතු කරන්නට දුලිප් මෙන්ඩිස්ට හැකියාව ලැබුණි.
චිදම්බරන් ක‍්‍රීඩාංගණයට එදා අලූත් ඉරක් පායා ඇතැයි වරකට සිතේ. ඉන්දියානුවන් තම නිජබිමේදී අපට එළව එළවා පහර දෙන්නට සිතා පිටියට පිවිසෙන්නට ඇති. නමුත් සියල්ල සිහිනයක් බවට පත් කරමින්, තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට ශ‍්‍රී ලංකාට හැකියාව ලැබුණි. ඉන්දියාව කියූ පමණික් අපට හිතට එන්නේ පඩ ෂෝ රටක් කියාය. නමුත් ඔවුන් ක‍්‍රිකට් අතින් ඉදිරියෙන් සිටිනා බව අපි කවුරුත් දන්නා කරුණකි. ශ‍්‍රී ලංකාව හමුවේ ඉන්දියාව දණ ගැසූ අවස්ථා මෙන්ම අප ඔවුන් ඉදිරියේ දණ ගැසූ අවස්ථාද සිදුවී ඇත.
1982 වසරේ ඉන්දියාව සමඟ පැවැති මංගල ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකාව ප‍්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ආරම්භය එතරම් සාර්ථක නොවූ මොහොතක තුන්වන කඩුල්ල ස`දහා රෝයි ඩයස් සහ උප නායක දුලිප් මෙන්ඩිස් අතර ලකුණු 153 අගනා සබ`දතාවයක් දැකගත හැකි විය. රෝයි ඩයස් ලකුණු 60 ක් රැුස් කිරීමට සමත් වූ අතර දුලිප් මෙන්ඩිස් පන්දු 123 කදී හතරේ පහර 17 ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 105 ක් රැුස් කිරීමට සමත් වූයේ ඔහුගේ සිය මංගල ටෙස්ට් ශතකය චිදම්බරන් ක‍්‍රීඩාංගණයේදී තුළින් ශ‍්‍රී ලංකා අභිමානය එත්කොට මුදා හරිමිනි. ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 345කට සීමා වෙද්දී ඉන්දීය පළමු ඉණිම සඳහා ලකුණු 566 ක් ලබාගන්නා ලදී. එහිදී සුනිල් ගවස්කාර් සහ සන්දීප් පටෙල් අගනා ශතක ලබා ගනිමින් ඉන්දීය ඉණිම ශක්තිමත් කරන්නට විය.
නැවතත් දෙවන ඉණිම ආරම්භ කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම, ආරම්භක පිතිකරු එවරද අසාර්ථක වීම හේතුවෙන් රෝයි ඩයස් හා දුලිප් මෙන්ඩිස්ට එවරද දැඩි පීඩනයක් එල්ල වන්නට විය. රෝයි ඩයස් දෙවන ඉනිම තුළදී ලකුණු 98ක් රැුස් කිරීමට සමත් වුවද ඔහුගේ ශතකය උදුරා ගැනීමට ඉන්දියානුවන් සමත් වෙද්දී අනෙක් පසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බර දෝතට ගත් දුලිප් මෙන්ඩිස්ගේ පිත්ත නැවතත් චිදම්බරන් ක‍්‍රීඩාංගණයේ පේ‍්‍රක්ෂකයන් මවිතයට පත් කරන්නට විය. මිනිත්තු 236 ක් තුළදී තවත් ලකුණු 105 ක් රැුස් කළ දුලිප් මෙන්ඩිස් ඉනිම් දෙකේදීම ශතක රැුස් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය.
රෝයි ඩයස් හා දුලිප් මෙන්ඩිස්ගේ පිත්ත එවරද ක‍්‍රියාත්මක නොවිණි නම් ශ‍්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණදීමට සිදුවන්නට ඉඩ තිබුණි. අනුර රණසිංහ ද ලකුණු 77කින් ශ‍්‍රී ලංකා ඉණිම ශක්තිමත් කළ අතර, ශ‍්‍රී ලංකා පිලේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 394 ක් පමණි. ජයග‍්‍රහණය සඳහා මිනිත්තු 53 ඉතිරිව තිබියදී පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 175ක ඉලක්කයක් හිමි කරගැනීමට සමත්විය. නමුත් ඉන්දීය ඉණිම මැනවින් පාලනය කළ අසන්ත ද මැල් විශිෂ්ට පන්දු යැවීමක් ප‍්‍රදර්ශනය කරමින් ලකුණු 68කට කඩුලූ 05 ක් බිඳ හෙලීය. තරගය අවසාන වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලූ 05කට ලකුණු 94 ක් ලෙසින් දිස්විය. මේ හේතුවෙන් ඉන්දු-ලංකා මංගල ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
දුලිප් මෙන්ඩිස් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම් දෙකේම ශතක ලැබූ ප‍්‍රථම ලාංකිකයා බවට පත් වෙද්දී, එම දක්ෂතාවය ඉදිරිපත් කළ සෙසු ශ‍්‍රි ලාංකික ක‍්‍රීඩකයන් වනුයේ අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර් යන ක‍්‍රීඩකයන් පමණි. එහිදී ද කුමාර් සංගක්කාර් සහ අරවින්ද ද සිල්වා මෙම දක්ෂතාවය දෙවතාවක් පෙන්නුම් කිරීමට සමත් ව ඇත.

සමීර ගොඩපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: